දිගම්පතහා නව හෝටල් පුහුණු පාසල විවෘත කිරීම

අප්‍රේල් 23rd, 2026

ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාවගේ වෘත්තීය නිපුණතාවය නංවාලීමේ අරමුණින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතක යොවුන් සේනාංක මුදල් ප්‍රතිපාදන මත ඉදිකරන ලද දිගම්පතහා නව හෝටල් පුහුණු පාසල අද (23) දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, දඹුල්ල නගරාධිපති, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, දඹුල්ල ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය නිළධාරී මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.