මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ධූරයෙ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමේ මහෝත්සවය
ජූනි 6th, 2026පෑලියගොඩ ගංගාරාමාධිපති අග්ගමහා පණ්ඩිත ,සද්ධම්මජෝතිකධජ ධම්මසේනාධිපති, භාෂාන්තරවිශාරද අචාර්ය පූජ්‍ය වල්පොල විමලඥාන නාහිමියන් හට මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ධූරයෙ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමේ මහෝත්සවය අද (06) දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක ජගත් වික්‍රමරත්න , බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමන්ලා ඇතුළු මැති ඇමැතිවරුන් හා ගරුතර මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.






බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
