හින්දු ආගමික දහම් පාසල් ශිෂ්‍ය ජාතික නිර්මාණශීලීත්ව සම්මාන උළෙල 2024

අගෝස්තු 15th, 2026

හින්දු ආගමික දහම් පාසල් ශිෂ්‍ය ජාතික නිර්මාණශීලීත්ව සම්මාන උළෙල අද (15) දින වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේ දී පැවැත්විණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු වැඩ බලන අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවති අතර මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆර් මැතිතුමාද එක්විය. මීට අමතරව හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක, එම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු හින්දු දහම් පාසල් දරු දැරියන්, විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර මෙම දහම් පාසල් සම්මාන උළෙල සඳහා යාපනය, වවුනියාව, මඩකලපුව, මන්නාරම වැනි ඈත දිස්ත්‍රික්කවලින්ද දහම් පාසල් දරු දැරියන් පැමිණ තිබීම විශේෂත්වයක් විය.