ඓතිහාසික මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරිමේ මහෝත්සවය
අගෝස්තු 8th, 2026ඓතිහාසික මහනුවර ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරිමේ මහෝත්සවය අද පෙරවරැවේදි (8) දින මහනුවර ඓතිහාසික ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් හේමන්ත බංඩාර හේරත් මැතිතුමාගේ ආරාධනාව පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පත්තිනි දේවාල පරිශ්‍රවේදී පැවැත්විණි.
සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ ,මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක, ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද මාහිමිපානන් වහන්සේ හා මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමින්වහන්සේලා ඇතැලු වන්දනීය පුජනිය නායක ස්වාමින්වහන්සේලා මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ සහ සතර මහා දේවාල බස්නායක නිළෙමෙවරුන් ,පිටිසර දේවාල නිලෙමෙවරැන් ඇතැලු රාජ්‍ය නිලධාරින් හා බැතිමතුන්ද මෙම අවස්තාවට එක්ව සිටියහ.







බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
