ගාල්ල කහදූව ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය

අගෝස්තු 3rd, 2026

ගාල්ල කහදූව ශ්‍රී ලංකාරාමය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (03) දින සුභ මොහොතින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒරමුල්ල මිරිස්වත්ත ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍ය දුවේගොඩ මෛත්‍රී මුර්ති ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය අනුශාසනා පරිදි මෙය සිදු කෙරිණි.
මෙම පුණ්‍ය මහොත්සවය සදහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මාණවඩු මැතිතුමා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන අධිකාරිය ඇතුළු ගිහි පැවදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙණි.