“දිවියට සුවයක් – දහමට සවියක්” පූර්ණ වෛද්‍ය සායනය මෙවර බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේ දී
අගෝස්තු 22nd, 2026බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගෙන දීප ව්‍යාප්තව පවත්වන “දිවියට සුවයක් – දහමට සවියක්” පූර්ණ වෛද්‍ය සායනය මෙවර බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් 22 දින පැවැත්විණි.
භෞතික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් අති විශාල මෙහෙවරක යෙදෙන අති පූජනීය මහා සංඝරත්නය ඇතුළු අන්‍ය පූජකතුමන්ලා වෙනුවෙන් පවත්වන මෙම සායනය සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ. අංග සම්පූර්ණ වෛද්‍ය සහායනයක් බවට පත් මෙම සායනය සඳහා, ඇස් කන්නාඩි පරීක්ෂා කිරීම හා ලංකා ඔස්පිටල් ආයතනය විසින් සියලුම ආගමික නායකයන්ට නොමිලේ බෙහෙත් ලබා දීම විශේෂත්වයක් ද විය. බදුල්ල ආරෝග්‍යශාලා වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම උදාර කාර්ය ශක්තිමත් කළ අතර ආයුර්වේද වෛද්‍යවරුන් හරහාද ප්‍රතිකාර ලබාදීමක් සිදුවිය. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යය සමන්ත විද්‍යාරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් හා දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ද මේ සඳහා එක්ව සිටියහ.

















බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රය
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
