වියට්නාමයේ ජනවාර්ගික, සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටු ප්‍රධානී නියෝජ්‍ය අමාත්‍ය නගුයෙන් හායි ට්‍රන්ග් (Nguyen Hai Trung) මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා අතර හමුව

අගෝස්තු 31st, 2026

වියට්නාමයේ ජනවාර්ගික, සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටු ප්‍රධානී නියෝජ්‍ය අමාත්‍ය නගුයෙන් හායි ට්‍රන්ග් (Nguyen Hai Trung) මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා අතර හමුවක් අගෝස්තු 29 දින පස්වරුවේ හැනෝයි නුවරදී පැවැත්විණි.
මෙම හමුව සදහා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා මහතා, ජනවාර්ගික සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටුවේ විවිධ අංශවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයන් ද සහභාගි වූහ.
මෙම හමුවේදි වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සම්ප්‍රදායික මිත්‍රත්වය තව තවත් තහවුරු වූ අතර දෙරට අතර සබදතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩව ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම මෙහිදී සාකච්ඡා කෙරිණි.