අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මහා ස්වාමීන්ද්‍ර අනුනායක පදවි ප්‍රාප්ත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

දෙසැම්බර් 20th, 2022

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂිත අනුනායක පදවියෙන් පිදුම් ලබන, අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මහා ස්වාමීන්ද්‍ර අනුනායක පදවි ප්‍රාප්ත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ හි වත්මන් විහාරාධිපති ධූරය දරණ,  අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ වෙත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂිත අනුනායක පදවිප්‍රාප්ත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මෙම 18 දා ගැටඹේ රාජෝපවනාරාමයේ දී පැවැත් වුණි.

මෙම අවස්ථාව සඳහා රාමඤ්ඤ මහා නිකායේ  මහානායක නාහිමිපාණන් වහන්සේ, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ, මහා විහාර වංශික සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සහ අස්ගිරි පාර්ශවයේ අනුනාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට වදාළහ.

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, හිටපු කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනිතිඥ ගරු ලලිත් යූ ගමගේ මැතිතුමන් සහ වෙනත් පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් බොහෝ දෙනෙක් ද දිස්ත්‍රික් ලේකම්වරුන්, බස්නායක නිලමේවරුන්, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන්, මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත්  මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාවට සහභාගී විය.