අතීතය හා අනාගතය සම්බන්ධ කරන, වර්තමානයේ සුරක්ෂිත භාරකරුවා සුරකිමු !

ඔක්තෝබර් 14th, 2022

අතීතය හා අනාගතය සම්බන්ධ කරන,
වර්තමානයේ සුරක්ෂිත භාරකරුවා සුරකිමු !

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව නිසි වැඩ පිළිවෙලක් යටතේ යළි සකස් කරන ලෙසත්, කෞතුකාගරය අබලන් වී ඇති ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය හා කෞතුක භාණ්ඩ නිසි පරිදි සංරක්ෂණය කරන ලෙසත් කෞතුකාගරයේ කටයුතු සොයා බැලීමට පැමිණි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුණී.

අතීතය හා අනාගතය සම්බන්ධ කරන, වර්තමානයේ සුරක්ෂිත භාරකරුවකු බඳු මේ වැනි වටිනා ස්ථානයක් විනාශ මුඛයට යා නොදී, ඉදිරි පරම්පරාවන් වෙත සුරක්ෂිත කොට භාර දීමේ වගකීම නිලධාරින්ට පැහැදිලි කළ අමාත්‍යවරයා තවද මෙම කෞතුකාගාරය විශේෂයෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද එහිදී නිලධාරින් දැනුම්වත් කරන ලදී.