
අනගාරික ධර්මපාලතුමන්ගේ 158 වන ජන්ම දිනය ඊයේ(17) දා ට යෙදී තිබුණා
සැප්තැම්බර් 18th, 2022
1864 සැප්තැම්බර් 17 දින දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව අනගාරික ධර්මපාල නමින් අපේ රටේ නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ එතුමන් සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි ව බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු ලෝකය පුරා මෙහෙයවමින් අපේ රට වෙනුවෙන් මෙන්ම මුළු මහත් ලෝකයේම හිත සුව පිණිස අනුපමේය සේවයක් ඉටුකරනු ලැබුවා.
එතුමන් අපේ රට වෙනුවෙන් කළ අනුපමේය සේවය සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සිදුකරමින් ඒ වෙනුවෙන් පැවති ප්‍රධාන උත්සවය ඊයේ කෙළඹ මහාබෝධී අග්‍රශ්‍රාවක විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වුණා. මේ වෙනුවෙන් බුද්ධශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය මගින් දායකත්වය ලබා දුන්නා.
අග්‍රශ්‍රාවක ධාතුතේවාව භාර අම්ඹුලුගල සුමංගල නායක ස්වාමීන් වහන්සේ විසින් මෙහි දී ගුණකතනයක් සහ අනුශාසනාවක් සිදු කළා. එසේම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ගරු.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ද අනගාරික ධර්මපාලතුමන් සිදු කළ අමිල මෙහෙය වෙනුවෙන් ගුණකථනයක් සිදුකරනු ලැබුවා.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේඛකාධිකාරී තීනියාවල පාලිත නායක ස්වාමීන්වහන්සේ, අග්‍රශ්‍රාවක විහාරාධිකාරී මොණරාගල පඤ්ඤාලංකාර ස්වාමීන්වහන්සේ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ලේකම්තුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වුණා. තවද අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් වෙනුවෙන් ගෞරව උපහාර පුණ්‍යානුමෝදනා සිදු කිරීම සඳහා තවත් විශාල පිරිසක් එක් වී සිටියා. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.