
අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමියන් වහන්සේ අපවත් වු සේක.
ඔක්තෝබර් 19th, 2022මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍යපාද පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිවාස නාහිමියන් වහන්සේ 1953 වර්ෂයේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබු අතර 1968 දී අනුරාධපුර අටමස්ථානයේ දී උතුම් පැවිදි බවට පත්ව අනතුරුව 1975 වර්ෂයේ දි මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ උපසම්පදා ලැබුහ.
මරදාන මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙන හි මුලික අධ්‍යාපනය ලැබු උන් වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව 1984 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් අතර 1997 ජුනි 07 වන දින අනුරාධපුර අටමස්ථානධිපති තනතුරට පත්විය. දශක දෙකකට වැඩි කලක් දැ හිතකාමී ගිහිපැවිදි ශිෂ්‍ය පරපුරක් ඇති කොට ශාසනික උන්නතිය උදෙසා අමරණීය සේවාවක් මෙන්ම ථෙරවාදී බොදු මහජනයාගේ අතිශය ගෞරවය පත්‍ර වන ශ්‍රි මහා බෝධි වහන්සේ හා එම විහාර සංවර්ධනය කිරීමෙහිලා අනුපමේය සේවාවක් සිදුකල මහායතිවරයාණන් වහන්සේ නමක් වන ගරු නාහිමියන් වහන්සේ 6️⃣9️⃣ වන වියේදී එනම් 2022 සැප්තැම්බර් මස 18 වන දින රාත්‍රියේ අපවත් වු සේක…..
උන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා…..