
අඳුර දුරලා ලොවටම එලිය දෙන, හින්දු බැතිමතුන් සමඟ අප සමරන දීපාවලී උත්සවය.
ඔක්තෝබර් 26th, 2022අඳුර දුරලා ලොවටම එලිය දෙන,
හින්දු බැතිමතුන් සමඟ අප සමරන දීපාවලී උත්සවය.
දීාවලී යන්නෙන් අදහස් කරන්නේ ආලෝක පේලිය යන්නයි. එය තවදුරටත් විග‍්‍රහකළහොත් දීප යනු ආලෝකයයි. ආවලි යනු පේලියයි. මෙම වචන දෙක සන්ධි වීමෙන් දීපවාලි නැතහොත් දීපාවලි ලෙස අර්ථ දැක්වෙන බව නොයෙක් තැන් වල සඳහන් වේ.
හින්දු දේවකතා, මහා භාරතය, නරක අසුරයාගේ කතාව, ජෛන සාහිත්‍ය කතා තුළින් දීපාවලී උත්සවයට මූලික වූ විවිධ සංසිද්ධීන් බොහෝ ග්‍රන්ථයන් හී සඳහන් වෙනවා. මෙයින් වැඩි දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ නරක අසුරයාගේ කතාන්තරය බවට බොහෝදෙනා අදහස් පලකරනවා.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, හින්දු ආගමික දෙපාර්තමේන්තුවත් එක්ව පවත්වනු ලැබූ දීපාවලී සැමරුම් උත්සවය බම්බලපිටිය පැරණි කදිරේෂන් කෝවිලේ දී (24) දා සිදුකරනු ලැබුහ. මෙහි දී ප්‍රධාන පූජාව පවත්වනු ලැබුවේ ශ්‍රී ශිවනේසන් ශර්මා කුරුක්කල්තුමා විසිනි.
මෙම පූජාව සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ,ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, හින්දු ආගමික දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ වයි. අනුරුද්ධන් මහතා, ජනාධිපති හින්දු ආගමික (හිටපු) සම්බන්ධීකාරක කුරුක්කල් බාබු ශර්මා මහතා, කෝවිල් ප්‍රධාන පරිපාලක රාජේන්ද්‍ර චෙට්ටියාර්, සච්චිතානන්දන් ප්‍රධාන කුරුක්කල්තුමන් ඇතුළු හින්දු බැතිමතුන් බොහෝ දෙනෙක් සහභාගී ිය .