
අපේ රටේ රසික හදවත් තුළින් ගිලිහෙමින් යන වේදිකා නාට්‍යය නැවතත් රසික හදවතට සෙනෙහසින් ආමන්ත්‍රණය කරයි.
ජනවාරි 11th, 2023වේදිකා නාට්‍ය කලාවට නව ජීවයක් ලබාදීමේ අරමුණින් මෙන්ම ප්‍රේක්ෂක රසික ජනතාවට යලිත් වේදිකා නාට්‍ය නැරඹීමේ ප්‍රවණතාවක් ඇතිකිරීමේ අභිලාෂයෙන්, ටවර් නාට්‍ය උළෙල – 2023 විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය දා(09) මරදාන ටවර් රඟහලේ දී සහ එල්පින්ස්ටන් රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ කෙරුණු අතර අමාත්‍යතුමා ද ඊට සහභාගී වී සිටියා.
අපේක්ෂාවේ වේදිකා මංගල්‍ය “ටවර් නාට්‍ය උළෙල – 2023” ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරනු ලැබුවා. පලමු දින මෙම අවස්ථාව සඳහා ප්‍රවීන වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් නාට්‍ය නිෂ්පාදකවරුන් සංගීතඥයින් ඇතුළු බොහෝ පිරිසක් ද වේදිකා නාට්‍ය රසික රසිකාවියන් බොහෝ පිරිසක් ද එක් වී සිටියා.
ටවර් හෝල් රඟහල පදනමෙහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස් දිසානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබු මෙම නාට්‍ය උළෙල මෙම මස 24දා දක්වා පැවැත්වෙනවා. නාට්‍ය උළෙල ආරම්භක දිනය දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම්තුමන් ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් සහ නිලධාරීන් ද ටවර්හෝල් රඟහල පදනමෙහි අධ්‍යක්ෂ ජනරාල්තුමන් ආයතන ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියා.