අමතක නොවන, කැලණි පාලමේ ‘චුට්ටේ‘….

අප්‍රේල් 17th, 2024

ශ්‍රී ලාංකේය සිනමාවේ,වේදිකාවේ සහ පුංචි තිරය තුළ සදා නොමැකෙන නාමයක් ප්‍රේක්ෂක හදවත් තුළ සනිටුහන් කිරීමට බොහෝ කලාකරුවන්ට කිරීම, තරමක් අපහසු අභියෝගයකි.නමුත් ඒ අභියෝගය පසෙකලා තම රංග ප්‍රතිභාව මනා ලෙස ගෙන හැර පෑ කලාකරුවෙකු ලෙස ‘නීල් අලස් මහතා’ අවිවාදයකින් තෝරව හැඳින්විය හැකිය.

නීල් අලස් මහතා කැලණි පාලම නාට්‍යයේ ‘චුට්ටේ‘ ලෙසත්, ‘ආඬි රැලේ නාඩගම‘ නාට්‍යයේ මැක්හීත් ලෙසත් සහ ‘ධවල භීෂණ‘ නාට්‍යයේ ශෝන් ලෙස රූපණය කළ චරිත යුගයක් වර්ණවත් කරමින් ප්‍රේක්ෂකයින් සහ සමස්ත කලා ක්ෂේත්‍රය අතර තවමත් සංවාදයට ලක්වන්නේ ඒ නිසාවෙනි.

රූපවාහිනීයෙන් මුල් කාලයේ විකාශය වූ බුමුතුරුණු,ගම්පෙරළිය,දූදරුවෝ,බෝගල සවුන්දිරිස්,ගජමන් නෝනා වැනි ටෙලිනාට්‍යය හරහා ඔහු සිය රංගන ප්‍රතිභාවය පෙන්වූ අතර සිනමාවේ දී සොල්දාදු උන්නැහේ,මධුසමය,බිත්ති හතර,සහරාවේ සිහිනය,කෙළිමඬල,ක්‍රිස්තු චරිතය,මාරුතය,භවදුක,යසෝමා,භව කර්ම,අබා වැනි චිත්‍රපටවලට ද පණ පොවමින් අමතක නොවන රංග ප්‍රතිභාවක් ගෙනහැර පෑවේය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රංගන දිවියට ඉසිඹුවක් දී ඔහු සිය නිවසේ රැඳී සිටින මොහොතක අපි ඔහුගේ නිවසට ගොඩවැඳුනෙමු.

කිසිදා අමතක නෙවන ‘චූට්ටේ’ අපි ඔබට නිදුක් නීරෝගි චීර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු !