
ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීමටත් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීමටත් අවශ්‍ය පියවර ගනී.
ජනවාරි 27th, 2023ආබාධ සහිත ප්‍රජාව මෙන්ම ඒ හා සමාන අනෙකුත් කොටස් ඇතුලත්වන පරිදි ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීම කෙරෙහි අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුනි. ප්‍රථමයෙන් අමාත්‍යංශය තුළ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කාර්යංශයක් පිහිටුවීමටත්, ඔවුන්ගේ කලා කුසලතා එළිදැක්වීම සඳහා නෙළුම්පොකුණ රඟහලේ සංස්කෘතික ප්‍රසංගයන් පැවැත්වීමටත්, කලා කුසලතා වර්ධනය සඳහා ටවර්හෝල් රඟහල පදනම සහ ජනකලා කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක කෙරෙන පාඨමාලා සඳහා ආබාධ සහිත ප්‍රජාව එක්කර ගැනීම කෙරෙහිත් අමාත්‍යතුමා සියළුදෙනාගේ අවධානය යොමුකරනු ලැබීය.
සියළු ආබාධ සහිත පුද්ගල කණ්ඩායම් නියෝජනය වන පරිදි “ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණෙහි ” නිලධාරීන් මේ සඳහා සහභාගී වූ අතර ඔවුන් විසින් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන්ගේ අවධානය යොමු වුණි. මෙම සාකච්ඡාව පසුගිය දා (24) සෙත්සිරිපාය පරිශ්‍රයේ සංස්කෘතික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී, අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.