ඇතුගල් පුරවරයේ බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම

මාර්තු 14th, 2023

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඇතුගල් පුරවරයේ බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය, සම්ප්‍රදායාණුකූලව ප්‍රදේශයේ දරුවන් ඇතුළු කලා ශිල්පීන් වෙත භාර දෙයි.

අපේ රටේ ‌ ඓතිහාසික උරුමයන් සුරකිමින් සංස්කෘතික දායාදයන් අනාගත පරම්පරාව වෙත ගෙනයන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙවන් වූ සංස්කෘතික මධ්‍යස්ථාන හැඳින්විය හැකියි. රටට දැයට වැඩදායී යහපත් ගුණ ගරුක සමාජයක් බිහි කිරීම උදෙසා මෙවන් වූ සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීම තුළින් මනා පිටුබලයක් ලබා දෙයි. අනාගත දරුපරපුර වෙනුවෙන් දීපව්‍යාප්තව, නව සංස්කෘතික මධ්‍යස්ථානයන් සෑම ප්‍රදේශයකම දරුවන් ඇතුළු කලා ශිල්පීන් වෙනුවෙන් කඩිනමින් ආරම්භ කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා අදාල පාර්ෂවයන් වෙත උපදෙස් සහ මගපෙන්වීම නිරන්තරයෙන් ලබා දෙනවා. එසේම එම සංස්කෘතික මධ්‍යස්ථාන වෙත ගොස් සොයා බලමින් පවතින ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලැෙබ්.

දරුවන් අගයමින්, දරුවන්ගේ දක්ෂතා එලි දක්වන සංස්කෘතිකාංග ඇතුළත් ප්‍රාසාංගික වැඩසටහනක් සමඟ බමුණුකොටුව ප්‍රදේශයේ දරුවන්, කලා ශිල්පීන් ඇතුළු ජනතාව වෙත සම්ප්‍රදායාණුකූලව මෙම සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය (11) දා භාර දෙනු ලැබුවා.
අමාත්‍යතුමාගේ අදහස් අනුව, මෙතෙක් දේශපානඥයින් ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව වෙනුවට, ප්‍රදේශයේ ආරාධිත කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත්ත කිරීමේ වැඩසටහන පැවැත්වුණි.මෙහි සමරු ඵලකය නිරාවරණය කරනු ලැබුවේ ද ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් විසිනි.

අති ගෞරවනීය නාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන්, ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ කලාශිල්පීන්, ගරු අමාත්‍යවරුන් ඇතුලු ජනතා නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් අමාත්‍යංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්, සංස්කෘතික මධ්‍යස්ථාන නිලධාරීන්, ප්‍රදේශයේ කලායතන ආචාර්යවරුන්, දරුවන් දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත්ත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වුණි.