
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර
මාර්තු 2nd, 2023අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඉතාලි රජයේ සහයෝගය ලබා දීමේ අරමුණින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර පසුගිය (27) දා ඉතාලි තානාපති කාර්යාලයේ දී පැවැත්වුණි.
පුරාවිද්‍යා, කෞතුකාගාර කළමනාකරණය, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය සහ අගය කිරීම යන ක්ෂේත්‍රයන් හී දෙරට අතර අදහස් හුවමාරුව සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීමට මේ මගින් බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් ද, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද, Rome Expo 2030 අපේක්ෂක කමිටුවේ වගකිවයුතු කිහිප දෙනෙකුද රෝම මහ නගර සභාවේ සංස්කෘතික හා පුරාවිද්‍යා අංශයේ ප්‍රධානීන් සහ රෝමයේ La Sapienza විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් කිහිප දෙනෙකු ද ඇතුළු ඉතාලි තානාපති කාර්යාල ප්‍රධානීන් ද සහභාගී විය. මහාචාර්ය ගාමිණී විජේසූරිය මහතා විසින් සංවිධානය කර සම්බන්ධීකරණය කරන ලද මෙම රැස්වීම සඳහා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයට සම්බන්ධ ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙකු ද ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වුණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් කියා සිටියේ, මෙම වැඩසටහන ආරම්භයක් පමණක් වන බැවින්, පියවරෙන් පියවර මෙම උරුම සංසදයේ කටයුතු ඉදිරියට ගෙන යමින්, ඵලදායී ලෙස එම අදහස් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී කටයුතු කිරීම වඩාත් වැදගත් වන බවයි.