ඉතාලි – ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා

දෙසැම්බර් 12th, 2022

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති H.E. Rita Giuliana Mannella මහත්මියගේත් EXPO Rome 2030 අපේක්ෂකත්ව සමාජික Gaetano Castellini Curiel මහතාගේත් සහභාගීත්වයෙන්, විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය සමග පැවති මෙම සාකච්ඡාව සෙත්සිරිපාය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ දී අද (08) පැවැත්වුණි.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්(පරිපාලන) අනෝජා පී ගුරුගේ, අතිරේක ලේකම්(ප්‍රවර්ධන) තිලක් හෙට්ටිආරච්චි, සහකාර ලේකම්(පරිපාලන) භාග්‍යා සී. කටුදෙණිය, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරුගේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ඇතුළු කාර්යමණ්ඩල ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.