ඉන්දියාවත් ලංකාවත් යා කෙරෙමින් පැවැත්වෙන සංදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් !

අගෝස්තු 14th, 2023

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආගමික හා සංස්කෘතික සහජීවනය, සාමය, තරුණ කටයුතු සහ ක්‍රීඩාව මුල්කර ගනිමින් පැවැත්වීමට යෝජිත සංදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නේපාලයේ ලුම්බිණියේ සිට ඉන්දියාවේ බුද්ධගයාව වෙත හා ඉන්පසුව ශ්‍රී ලංකාවේ කැලණිය විහාරස්ථානය ආශ්‍රීතව මෙම සංදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා,ඉන්දියාවේ SDS – SARVA DHARAMA SAMA BHAVA (සර්ව ධම්ම සම භාව) සංවිධානය නියෝජනය කරමින් රාහුල් පටිල් මහතා සහ වන් යුනිවර්ස් ඕර්ගනයිසේෂන්ස් (ONE UNIVERSE ORGANIZATION) සංවිධානයේ අධ්‍යක්ෂ නීතිඥ පියල් දර්ශන ගුරුගේ, අධ්‍යක්ෂ සහන් රන්දුනු ජයනෙත්ති, අධ්‍යක්ෂ ජගත් කමල්ගොඩ, විධායක සභික ජනිත් ලංකාගේ මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුහ