ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු පිරිස අමාත්‍යතුමා හමුවෙයි…
මාර්තු 13th, 2023ඉන්දීය රජය විසින් අමාත්‍යංශය වෙත ලබා දෙන ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු පිරිස අමාත්‍යතුමා හමුවිය.
ඉන්දීය රජයෙන් පසුගිය දා ප්රදානය කරනු ලැබූ යාපනය සංස්කෘතික මහ මැදුරෙහි ඉදිරි පරිපාලන කටයුතු පිළිබඳව සහ ප්‍රදානයක් ලෙස ලබාදෙනු ලබන ඩොලර් මිලියන 15 ආධාර මුදල් යොදවමින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු පිරිස සමඟ පසුගිය (09)දා දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.
දෙරටෙහි සංස්කෘතික, ආගමික උරුමයන් තහවුරු කරන සබඳතාවයන් ගොඩනගන නව වැඩසටහන් කිහිපයක් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අමාත්‍යතුමාගේ අවධානය යොමු විිය පසුගිය දා ඉන්දියාවේ දී පැවති සම්මන්ත්රණයන් හි දී හමු වූ ආයතන සමඟ ඒකාබද්ධව නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී අවධානය යොමු විය. විශේෂයෙන්ම සාංචි සහ නාලන්දා විශ්ව විද්‍යාල සමගත් මධ්‍ය ප්‍රදේශ් රජය සමඟත් රාමායනයට අදාල රාමා ගේ ගමන් මග වැනි ඉතිහාස ගවේශණ මෙන්ම විවිධ සංස්කෘතික හුවමාරු වැඩසටහන් පිළිබඳවත් ගොඩබිම සහ සාගරයේ පුරාවිද්‍යාත්මක ගවේශණ සිදුකිරීම සම්බන්ධයෙනුත් අමාත්‍යතුමා ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වූහ.
මෙම සාකච්ඡා සඳහා ඉන්දීය මහ කොමසාරිස් GOPAL BAGLAY මහතා, නියෝජ්‍ය මහ කොමසාරිස් Vinod Jacob මහතා, පුවත්පත්, තොරතුරු සහ සංවර්ධන සහයෝගිතා උපදේශක Eldos Mathew Punnoose මහතා, දෙවන ලේකම්(සංවර්ධන සහයෝගීතා) Mahesh Chand Giri මහතා ඉන්දිය රජය නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූූහ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ අධ්යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ මහතා අමාත්‍යතුමා සමඟ සාකච්ඡා සඳහා සහභාගී වූහ.