“ඉමගිර සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ” ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

නොවැම්බර් 15th, 2022

“ඉමගිර සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ” ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ඉංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය හා ඉංගිරිය සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ ඉංගිරිය ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය එනම් “ඉමගිර සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ” ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසු ගිය (09) දා පැවැත්වුණි.

රැඟුම් ගැයුම් වැයුම් සමඟින් අලංකාරවත් වූ මෙම උත්සවයේ දී ප්‍රදේශයේ ප්‍රවීණ කලා ශිල්පීන් අගයමින් සම්මාන සහ සහතිකපත් පිරිනැමුණි.  සමස්ථලංකා මට්ටමින් ජයග්‍රහණ ලැබූ දරු දැරියන් මෙහිදී අගයනු ලැබූහ. තවද ප්‍රාථමික අංශයේ සහ පශ්චාත් ප්‍රාථමික අංශයේ දරු දැරියන්ට සහතිකපත් ද පිරිනමනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා ඉංගිරිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ලුණුගම්වෙහෙරේ විනීත හිමිපාණන් වහන්සේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී  මාන්නප්පෙරුම මහත්මිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත රත්නසේකර මහතා මෙන්ම ගායන ශිල්පී චන්ද්‍රා මානෙල් කල්දේරා මහත්මිය ඇතුළු කලා ශිල්පීන් මේ සඳහා සහභාගී වුණි. ප්‍රාදේශීය ලේකම් සමනිතිකා පී ලියනගේ, සහකාර ලේකම්තුමිය ඇතුළු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධානීන් සහ කාර්යමණ්ඩලය, කළුතර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී රංගනා මහත්මිය සහ සංස්කෘතික බලමණ්ඩලයේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්, එහි සාමාජික සාමාජිකාවන්, සරත්චන්ද්‍ර ජයකොඩි මැතිනිය, කලායතන ප්‍රධානීන්, කලාකරුවන් සහ දක්ෂතා දැක්වූ දරු දැරියන් බොහෝ දෙනෙක් ද සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වුණි.