ඉස්ලාම් ආගමික, සංස්කෘතික ප්‍රශ්න මෙන්ම මුස්ලිම් ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ද ඒවා නිරාකරණය කරගැනීමට සාකච්ඡාවක්
නොවැම්බර් 27th, 2022සමස්ත ලංකා ජම්මීය තුල් උලමා (ACJU) සංවිධානය, තාරීකාස් උත්තරීතර කවුන්සිලය(SCOT) සහ ෂරියා කවුන්සිලය යන සංවිධාන තුනෙහි නියෝජිතයින් පසුගිය (24) දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී විෂය භාර අමාත්‍යතුමා සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමන් හමුවී සාකච්ඡා පැවැත්වුණි.
මෙම සාකච්ඡාවේ දී ඉස්ලාම් ආගමික, සංස්කෘතික ප්‍රශ්න මෙන්ම මුස්ලිම් ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ද ඒවා නිරාකරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ වුණි.
මෙම අවස්ථාවට මවුලවි මුස්තාෆා රාසා, Dr. අස්වර් මහතා, රියාස් සාලි, මවුලවි අජ්මීර්, මවුලවි මොහොමඩ් ඇතුළු තවත් නියෝජිතයින් සහභාගී වී සිටිහ. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.