
එඩේරමුල්ල ABU HURAIRA අරාබි පාසලේ පැවැත් වූ ඉෆ්තාර් උත්සවය…
අප්‍රේල් 19th, 2023එඩේරමුල්ල ABU HURAIRA අරාබි පාසලේ පැවැත් වූ ඉෆ්තාර් උත්සවයට අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්, පසුගිය (17) දා සහභාගී විිය
මෙම ඉෆ්තාර් උත්සවය සඳහා පැමිණි අමාත්‍යතුමන් පාසල් දරුවන් ඇතුළු සියළු දෙනා විසින් උණුසුම් ලෙස පිලිගැනීමෙන් අනතුරුව ආගමානු කූල චාරිත්‍ර ඉටු කරමින් වැඩසටහන ආරම්භ කරනු ලැබුණි.
මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යතුමන්, ගුණ ධර්ම පිරි සමාජයක් බිහිකිරීමේ අරමුණින්, දරුවන් වෙනුවෙන් බෞද්ධ දහම් පාසල්, ඉස්ලාම් දහම් පාසල් ඇතුළු එක් එක් ආගමික දහම් පාසල් හී විෂය නිර්දේශයන් වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, ප්‍රායෝගිකව තම ආගම ධර්මයට ගරු කරන, පිළිපදින මිනිසකු බිහි කිරීමට අපි උත්සාහ කළ යුතු බවත් පවසමින් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
එහි දී පැමිණ සිටි දරුවන් අමතමින්, තමන් හොඳ මිනිසෙකු වෙන්න හොඳ දේ හිතන්න, හොඳ දේ කතා කරන්න, හොඳ දේ ක්‍රියාවට නගන්න හැම මොහොතකම උත්සාහ කරන ලෙසත්, නිවැරදි දේ නිවැරදි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් ප්‍රකාශ කරන්න බිය විය යුතු නැති බවත් පවසමින් කරුණු පැහැදිලි කළේය. වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යතුමන්, අපි විවිධ ආකාරයෙන් බෙදී වෙන් වී සිටිනවා. අපි මනුස්සකම් පිරි සමාජයක කොටස් කාරයින් බවට පත්වෙන්න අවශ්‍යයි. මුදලින් පොහොසත් වනවාට වඩා අපි මනුසත්කමින් පොහොසත් මිනිසුන් බවට පත් වෙන්න අවශ්‍ය බවත් පවසමින් අමාත්‍යතුමා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය.
මගේ ආදරනීය පුතාලාට හොඳ යහපත් අනාගතයක් උදා වේවා. මේ දරුවන් වගේ අනෙක් හැම ආගමකම සියළු දරුවන් හොඳ පුරවැසියන් කරන්න අපි සියළු දෙනාටම අවශ්‍ය ශක්තිය ලැබේවායි අවසාන වශයෙන් අමාත්‍යතුමා ප්‍රාර්ථනා කර ලදී.
මෙම අවස්ථාව සඳහා මවුලවිතුමන්, විදුහල්පතිතුමන් අධ්‍යක්ෂ මණ්ඩලය සහ දහම් පාසල් සිසු දරුවන් බොහෝ පිරිසක් පැමිණ සිටියහ.