ඓතිහාසික වාසල කෝට්ටේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ජාතික දේවස්ථානයේ 2023 වාර්ෂික මහා මංගල්‍යය…

මාර්තු 20th, 2023

ඓතිහාසික වාසල කෝට්ටේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ජාතික දේවස්ථානයේ 2023 වාර්ෂික මහා මංගල්‍යය ජුනි මස 17 සහ 18 දින පැවැත්‌වේ.

ඓතිහාසික වශයෙන් වැදගත් වන, වාසල කෝට්ටේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් සෑම වසරකම පවත්වනු ලැබේ. මේ සඳහා අපේ රටේ සියළු ප්‍රදේශ වලින් කිතුනු බැතිමතුන් ඇතුළු මහා ජන ගඟක් සහභාගී වුහ. 17 දා මේ සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාවට මෙන්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යතුමා සහභාගී විිිය.

වාර්ෂික මහා මංගල්‍යය වෙනුවෙන් මහාමාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය පහසුකම් සැපයීම, පැමිණෙන අතිවිශාල බැතිමතුන් වෙනුවෙන් දේවස්ථානයයේ පහසුකම් සැපයීම ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා විසින් අදාල පාර්ශව වෙත උපදෙස් ලබාදුණි. එසේම මෙම කාර්යයන් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට මීලඟ සාකච්ඡාව සඳහා ද සහභාගී වන බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී දේවස්ථාන භාර ගරු පියතුමන්, මාතලේ මහ දිසාපතිතුමිය ඇතුළු බොහෝ දෙනෙක් සිදුවිය යුතු කාර්යයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

මෙම සාකච්ඡාව සඳහා වෙනවිකානු තාක්ෂණාරාමයේ ශ්‍රේෂ්ඨාධිපති ගරු ශමින්ද්‍ර ජයවර්ධන පියතුමා, සිද්ධාස්ථානයේ පරිපාලන භාර ගරු සුසෙයිනාදන් පියතුමා ඇතුළු අනෙකුත් පූජකතුමන්ලාද, කන්‍යාසොයුරියන්, ප්‍රාදේශිය සභා මහජන නියෝජිතතුමන්ලා ඇතුළු ප්‍රාදේශීය සභා නිලධාරීන්, මාතලේ මහ දිසාපතිතුමිය, ක්‍රිස්තියානි ආගමික කටයුතු අධ්‍යක්ෂතුමිය ඇතුළු අමාත්‍යංශ කාර්යමණ්ඩල ප්‍රධානීන්, ප්‍රදේශයේ විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන්, පරිපාලනය නිලධාරීන්, ප්‍රදේශයේ පොලිස් සේවයේ ප්‍රධානීන්, දේවස්ථාන දායක සභාව ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූූහ.