කටුවාපිටිය දේවාස්ථානයට දහම් පාසල් ගොඩනැඟිල්ලක්

මාර්තු 31st, 2023

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිකෙරෙමින් පවතින දහම් පාසල් ගොඩනැඟිල්ලෙහි වත්මන් තත්ත්වය පිළිබඳව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (29) සොයා බැලීමක් සිදු කළේ ය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවෙහි ප්‍රතිපාද යටතේ ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැඟිල්ලෙහි ඉදිරි කටයුතු පිළිබඳව මීසම් පාලක ගරු මංජුල නිරෝෂන් පියතුමා සහ මීසම් සහායක ගරු අමිල පීරිස් පියතුමා, ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු මහත්මිය සමඟ ද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡාවක නිරතවිණි.

ප්‍රහාරයට ලක් වූ දේවස්ථානයේ ගොඩනැඟිල්ල සහ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව නිරීක්ෂණය කිරීමටද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී කටයුතු කළේ ය.