
කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන පවත්වනු ලබන නවරාත්‍රී පූජාව
සැප්තැම්බර් 29th, 2022නවරාත්‍රී පූජාවේදී සියලු ශාස්ත්‍රයන්ට අධිපති සරස්වති දේවියටත් සම්පතට හා යසඉසුරට අධිපති ලක්ෂ්මී දේවියටත් වීර්යයට හා භක්තියට අධිපති දුර්ගා දේවියටත් පුද පූජා පවත්වමින් නව රාත්‍රී පූජාව සියලු වත්පිළිවෙත් අනුගමනය කරමින් පවත්වනවා. පළමු දෙවන හා තුන්වන දිනයන් දුර්ගා දේවියටත් ඊළඟ දින තුන ලක්ෂ්මී දේවියටත්, අවසන් දින තුන සරස්වති දේවියටත් වෙන්කොට දින නමයක් පුරා පූජා පවත්වනවා. නවරාත්‍රි පූජාව අෂාඩ නම් රාත්‍රි පූජාව ලෙසද හඳුන්වා තිබෙනවා.
හින්දු ආගමික ජනතාගේ විශේෂ උපවාසය වන නවරාත්‍රී පූජාව මෙවර ද දිවයින පුරා ඇති හින්දු කෝවිල් හී දී පැවැත්වෙනවා. නවරාත්‍රී පූජාවේ සිව්වන දිනයේ දී, ලක්ෂමි දේවි පූජාවේ ආරම්භය වෙනුවෙන් සිදුකරන කලා හා විශේෂ පූජා වන්දනාව වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ දී පසුගිය දා (29) සවස පවත්වනු ලැබුවා.
මෙම පූජාව සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, මහාධිකරණයේ විනිසුරු තුරෙයිරාජා මහතා හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මහතා හා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.උමා මහේෂ්වරන් මහතා ද සහභාගී වූ අතර කෝවිල් පරිපාලක සභාවේ සභාපති පෙරියසාමි සුන්දරලිංහම් මහතා ඇතුළු සාමාජිකයින් කලාශිල්පීන්, බැතිමතුන් බොහෝ පිරිසක් සහභාගී වී සිටියා. බුද්ධශාසන,ආගමික හා සංස්කෘකික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම නවරාත්‍රී පූජාව සඳහා සහභාගී වුණා.