
කලා කීර්ති, චිත්‍ර ශාස්ත්‍රඥ ඇස්.පී.චාල්ස් මැතිතුමාණන්ගේ 111 වන ජන්ම දින සංවත්සරය
ඔක්තෝබර් 25th, 2022කලා කීර්ති, චිත්‍ර ශාස්ත්‍රඥ ඇස්.පී.චාල්ස් මැතිතුමාණන්ගේ 111 වන ජන්ම දින සංවත්සරය
ශ්‍රී ලංකා ජාතික කොඩිය, රාජ්‍ය සභා සෙංකෝලය වැනි නිර්මාණ සහ වෙනත් රාජ්‍ය, පලාත් සභා, සංස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන රාශියක ධජ සහ සංකේත රාශියක මුල් නිර්මාණ ශිල්පියා වන්නේ ඇස්.පී.චාල්ස් මැතිතුමායි. සෞන්දර්ය හා ෙඑතිහාසික විෂයන් හී ග්‍රන්ථ රාශියක් ජාතියට දායාද කළ එතුමන් විසින් වෙනත් ග්‍රන්ථ, සඟරා රාශියක ද චිත්‍ර රූ සටහන් නිර්මාණය කලා. දැයට වැඩදායී ශිෂ්‍ය පරම්පරාවක් බිහිකරමින් එතුමන් රට වෙනුවෙන් කර ඇති මෙහෙය සුළුපටු නොවේ.
කලා කීර්ති, චිත්‍රශාස්ත්‍රඥ ඇස්.පී.චාල්ස් මැතිතුමාණන්ගේ ජන්ම දින සංවත්සර උපහාර වැඩසටහන පසුගිය (20) දා සිංහල සංස්කෘතික ආයතන ශාලාවේ දී පැවැත්වුණා.
පූජ්‍ය බෝලන්දේ ධම්මදේව හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන දේශනය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මහතා විසින් ද ලක්ෂ්මන් මෙන්දිස් මහතා සහ චන්ද්‍රසෝම ගිනිගේ මහතා විසින් අනෙකුත් දේශණ ද පැවැත්වනු ලැබුවා. ඇස්.පී.චාල්ස් මැතිතුමාණන්ගේ දියණිය කාංචනා පතිරණ මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.
කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනුජා කස්තුරිආරච්චි, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධිකාරී රංජිත් හේවගේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ එහි විශ්‍රාමික මාණ්ඩලික නිළධාරී චන්ද්‍රසෝම ගිනිගේ ඇතුළු සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආයතන ප්‍රධානීන්, සිංහල සංස්කෘතික ආයතනයේ ආතනප්‍රධානීන්, සිංහල විශ්වකෝෂ ආයතනයේ ප්‍රධානීන්, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමිය ඇතුළු නිලධාරීන්, ප්‍රවීණ මාධ්‍යවේදීන්, කලාකරුවන් එතුමන් ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.
සසුනඹර ඒකාලෝක කළ ජීවන පහණ නිවී ගියහ.
අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ (22දා) සිදු කරණු ලැබුවා.
පසුගිය දෙදින තුළම(21,22) මහා සංඝරත්නය ඇතුළු ශ්‍රී ලංකා වාසී පින්වතුන් උන්වහන්සේට අවසන් බුහුමන් දැක්වීමට පැමිණීමෙන් අනුරාධපුර මහා විහාර භූමිය පිරී ඉතිරී ගියා. මල්වතු, අස්ගිරි නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන, සියම්, රාමඤ්ඤ, අමරපුර නායක මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩමවා වදාළා.
ආදාහන පූජෝත්සවයේ ආගමිකවතාවත්, අනුශාසනා සහ පුණ්‍යානුමෝදනා කටයුතු මහාවිහාර භූමියේ දීම සුදුකරනු ලැබුවා.
අනුරාධපුර ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ ආදාහන පූජෝත්සවයේ මූලික ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. පිළිගැනීමේ අනුශාසනය සිදු කරනු ලැබුවේ වැඩ බලන අටමස්ථානාධිපති රත්නමාලි චෛත්‍යරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින්. ත්‍රෛනිකායික නාහිමිපාණන් වහන්සේලාගේ ආගමිකවතාවත් අනුශාසනා අවසානයේ පුණ්‍යනුමෝදනාව මිරිසවැටියේ චෛත්‍යරාමාධිකාරී රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරනු ලැබුවා.
අවසානයේ ශ්‍රී දේහය ථුපාරාම පුදබිම අසළ පුරාණ ආදාහන මළුව වෙත ගෞරව පෙරහැරින් වැඩමකරවීමෙන් අනතුරුව දේහයේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවා.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ද ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ බොහෝ පිරිසක් ද හිටපු ජනාධිපත් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් බොහෝ පිරිසක් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් ද උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. ප්‍රදේශවාසීන්, විද්වතුන් ඇතුළු බෞද්ධ ගිහි පින්වතුන් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද උන්වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය සඳහා සහභාගී වී සිටියා.