කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ නමින් නම් කෙරේ…

මැයි 11th, 2024

කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය ‘ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන’ මහතාගේ නමින් නම් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය අද (11)සිදු කළ අතර ප්‍රාදේශීය කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය කෑගල්ලේ දී පැවැත්විණි.

සුමින්ද සිරිසේන මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වූ කලාකරුවෙක් වන අතර ඒ සඳහා රාජ්‍ය සම්මාන වලින් ද පිදුම් ලැබුවේය.

2002 වසරේ දී ඔහු ‘සිවුරංග’ නමින් නාට්‍ය පාසලක් පිහිටුවීමෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි වූ අතර, පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස ද සේවය කළේ ය.

කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ නමින් නම් කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත සුමින්ද සිරිසේන මහතාගේ බිරිඳ සහ පවුලේ ඥාතීහු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.පී.එස්. නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ජී.ආර්.එන්. කේ .ගුණරත්න, ස්ථානභාර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී, එම්.ඒ හේමමාලා, ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන, ප්‍රවීණ ගායන ශිල්පී නිමල් ගුණසේකර යන මහත්ම මහත්මිහු, ප්‍රාදේශීය කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.