
කෝට්ටේ යුගයේ උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙන ස්ථානයක් අමාත්‍යතුමා විසින් නිරීක්ෂණය කෙරේ.
දෙසැම්බර් 23rd, 2022කොළඹ – 07, ජාවත්ත සුසානභූමියෙහි, කෝට්ටේ යුගයේ උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙන ස්ථානයක් අමාත්‍යතුමා විසින් නිරීක්ෂණය කෙරෙයි.
කෝට්ටේ රාජධානියේ සිට, වර්තමාන ජාවත්ත ආදාහනාගාරය දක්වා මෙම ස්ථානයට එම කාලයේ දී, උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙයි. අදාල ස්ථානය නිරීක්ෂණය කිරීමට පසුගිය දා අමාත්‍යතුමා එහි ගියේය. පෘතුගීසි සමයේ තුවාල වූ පෘතුගීසීන් සුවපත් කිරීම සඳහා මෙහි තිබූ ශුද්ධ වූ ජලය සහිත ළිඳෙන් ශුද්ධ වූ ජලය ලබාගෙන ඇති බවත් ඒ සඳහා කෝට්ටේ රාජධානියේ සිට මෙතැනට උමං මාර්ගයෙන් පැමිණ ඇති බවටත් අනුමාන කරනු ලබයි. මෙම ෙඑතිහාසික ස්ථානය වර්තමාන ජාවත්ත ආදාහනාගාරය තුල පිහිටා ති්. ජාවත්ත සුසානභූමි පාලකතුමිය මෙම නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී විිය