
ගාලු උරුමයේ මුහුණු අළුත් වෙයි…
මාර්තු 10th, 2023බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ගාලු උරුමය පදනමෙහි කළමනාකරණ මණ්ඩලය සඳහා නව සමාජීකයින් පත් කිරීම අද (09) ගාලු උරුමය පදනම පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
ගාලු උරුමය පදනමෙහි නව සභාපතිවරයා ලෙස ආචාර්ය ටී.එම්.ජේ.එන්.කුරේ මහතා පත් වූ අතර ඒ.එච්.අනිල් කුමාරසිරි,චාමිකර පිලපිටිය,එච්.කේ.බාලචන්ද්‍ර,මහාචාර්ය විජේරත්න බෝහිංගමුව යන මහත්වරු කළමනාකරණ මණ්ඩලයෙහි නව සමාජීකයින් ලෙස පත් කෙරිණි.
නව සභාපතිවරයා ලෙස පත් වූ ආචාර්ය ටී.එම්.ජේ.එන්.කුරේ මහතා ගාලු උරුම පදනමෙහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහි දී අමාත්‍යාංශයේ හා පැමිණි සිටි අනෙකුත් ආයතනවල නිලධාරීන් වෙත පැහැදිලි කළේය.
ගාලු කොටුව පරිශ්‍රය විදේශීය සංචාරකයින්ට පමණක් සීමා නොකොට දේශීය සංචාරකයින් සහ තරුණ ප්‍රජාව සමඟ එක්වී නව තාක්ෂණ ප්‍රයෝග භාවිතා කරමින් ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේ ය.
ගාලු උරුමය පදනමෙහි ඉදිරි ක්‍රියාමාර්ග හා ඔවුනට පවතින ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, බුද්ධශාසන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ,ජාතික උරුම අංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) සෝමසිරි ඒකනායක,ප්‍රධාන ගණකාධිකාරී ආර්.ටී.කේ.වැලිවිටගේ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ගරු අණ්ඩුකාරතුමාගේ ලේකම් දිපිකා කේ.ගුණරත්න,ගාලු උරුමය පදනමෙහි අධ්‍යක්ෂ සුනිල් දහනායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරි මහත්ම මහත්මිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.