
චීන කලා සංසදයේ සභාපති Qiu Xinjian මහතා ඇතුළු චීන කලා සංසදයේ නියෝජිතයන් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සමඟ සාකච්ඡාවක් …
අප්‍රේල් 19th, 2023පසුගිය (13) දා සෙත්සිරිපාය, සංස්කෘතික අමාත්‍යංශයේ දී චීන කලා සංසදයේ නියෝජිතයින් පිරිසක් අමාත්‍යතුමා හමු වී දෙරට අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුණි. චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින්, අප රටට පැමිණෙන සංචාරකයින් මේ සඳහා ඉලක්ක කර ගත හැකි ආකාරය පිළිබඳව මෙහි දී අමාත්‍යතුමා කරුණු පැහැදිලි කළේය. එසේම ඒ සඳහා සංස්තෘතික කලා උත්සවයක් පැවැත්වීමටත් යෝජනා වුි.
මෙම අවස්ථාව සඳහා චීන කලා සංසදයේ සභාපති Qiu Xinjian මහතා ඇතුළු චීන කලා සංසදයේ නියෝජිතයන්, අමාත්‍යංශයේ සහකාර ලේකම් (විදේශ/ මධ්‍යස්ථ පාලන) ශ්‍රීරජීවන් මහතා හා විදේශ අංශයේ නිලධාරීන් ද සහභාගී වු.