
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර ශාඛාවක් ඉන්දියාවට වැඩම කෙරේ !
මාර්තු 22nd, 2023වෙසක් උළෙල නිමිත්තෙන් උතුම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර ශාඛාවක් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රන්තයේ අවුරංගාබාද් නාසික් ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත වැඩම කිරීමේ පුණ්‍යා්ත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත අද (20) ආරාධනා කෙරිණි.
ඉන්දියාවේ සිට පැමිණි Ven bhikkhu Sugat Maha thero, Ven bhikkhu sangharatna thero යන හිමිවරු දෙනම පැමිණ මෙම ආරාධනාව අමාත්‍යවරයා වෙත සිදු කළහ.
ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව මෙම පිංකම සිදු කෙරෙන අතර, පුණ්‍යා්ත්සවය සඳහා ශ්‍රී ලංකාව ඇතුළත බෞද්ධ සහෝදරත්ව පදනම විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි