“ජාතික නාමල් උයන” සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීමට සාකච්ඡා

නොවැම්බර් 15th, 2022

“ජාතික නාමල් උයන” සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීමට සාකච්ඡා

අපේ රටේ පාරිසරික සහ පුරාවිද්‍යාත්මක අතින් ඉතාම වැදගත් ප්‍රදේශයක් වන අනුරාධපුර, ගල්කිරියාගම පිහිටි  “ජාතික නාමල් උයන” සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීමට සාකච්ඡා

ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණන් වහන්සේ මෙම සාකච්ඡාව සඳහා වැඩමකර වදාළහ. මෙහිදී දැනට ජාතික නාමල් උයනෙහි සිදු කෙරෙන පුරාවිද්‍යා කැනීම් සම්බන්ධයෙන් සහ ඒවා සංරක්ෂණය කිරීමේ දී පවතින ගැටළු සම්බන්ධයෙන් ද, දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද, යටිතල පහසුකම් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද අද දින (10) සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලෙහි ජාතික උරුම අංශයේ දී සාකච්ඡා කරනු ලැබුණි.

පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, ප්‍රධාන ගණකාධිකාරීතුමිය ඇතුළු නිලධාරීන්, මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ ඇතුළු ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියා. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණි.