
ජාතික මීලාද් -උන් නබි සැමරුම 2022
ඔක්තෝබර් 12th, 2022
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ව ජාමියා නලීමියා ඉස්ලාමීය ආයතනයේ කළමනාකරණ කමිටුව, චීන කොටුවේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය සහ මුස්ලිම් පල්ලි සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙවර ජාතික මීලාද් උත්සවය ඔක්තොම්බර් 9 දා ජාමියා නලීමියා ඉස්ලාමීය ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා.
විවිධ දේශණ සහ සිසු දරුදැරියන් ගේ විශේෂාංග වලින් අලංකාරවත් වූ මෙම උත්සවය සඳහා බෞද්ධ,හින්දු සහ ඉස්ලාමීය පූජකතුමන්ලා සහභාගී වී සිටියා. ගරු පරිසර අමාත්‍ය හාෆිස් නසීර් අහමඩ් මැතිතුමා, ගරු ග්‍රාමීය ආර්ථික රාජ‍්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මැතිතුමා ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තානාපතිවරුන් නියෝජ්‍ය තානාපතිවරුන් මහකොමසාරිස් වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් මෙම උත්සවය සඳහා සහභාගී වී වුණා.
නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමත්, විවිධ අයගේ සේවාවන් අගයමින් මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමත්, කලුතර දිස්ත්‍රික් අහදියා දහම් පාසල් ගුරුවරුන් සඳහා නිලඇඳුම් ප්‍රධානයත් මෙහි දී සිදු කෙරුණා. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊබ්‍රාහිම් අන්සාර් මහතාගේ සංවිධායකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද සහභාගී වී සිටියා.