ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා, රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරව උත්තමාචාරය පුද කරයි…

මැයි 19th, 2023

ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා, අප අතරින් සමුගත් රණවිරුවන් සහ ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරව උත්තමාචාරය පුද කරයි.

ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව ලෙස පැවැත් වුණි.

අපේ රටේ දශක තුනක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 14ක් සපිරුි. එහිදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවෝ දස දහස් ගණනින් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූූහ ආබාධිත වූ රණවිරුවෝ 27,000කට අධිකය. ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළ කරමින් ජාතික රණවිරු සේවා අධිකාරිය විසින් 2023 ජාතික රණවිරු සැමරුම් උළෙල අභිමානවත්ව සංවිධානය කර තිබුණි.

කථානායකතුමන්, විපක්ෂ නායකතුමන් මෙන්ම මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන්, හිටපු ආරක්ෂක ප්‍රධානීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු රාජ්‍ය අංශ ප්‍රධානීන් බොහෝ දෙනෙක් ද ආබාධිත් රණවිරුවන්, නැසීගිය රණවිරු සොයුරන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් මෙම උපහාර උළෙල සඳහා සහභාගී වූහ.