ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ සංඝගත දක්ෂිණාව අද දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විය

නොවැම්බර් 23rd, 2022

ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ සංඝගත දක්ෂිණාව අද දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විය.

ආයතනයේ සේවයේ නියුතුව සිට හදිසියේ සමුගත් සුමාලි ජයවර්ධන මිය ඇතුළු, ආයතනයේ සේවය කර නැසීගිය සේවක සේවිකාවන් සිහිපත්කරමින් පින් අනුමෝදන් කිරීමේ සාංඝික දානමය පිංකමක් අද දින ආයතන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මේ සඳහා බොරැල්ල තිලකරත්නාරාමාධිපති අතිපූජ්‍ය  රත්ගම වජිරනායක නාහිමිපාණන් වහන්සේ , විහාරාධිකාරී අතිපූජ්‍ය රත්ගම උපනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමකරවනු ලැබුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) තිලක් හෙට්ටිආරච්චි මහතා , අධ්‍යක්ෂක චන්දන පත්තිරගේ ඒ මහතා  , අධ්‍යක්ෂක පාලන රොෂානි තිලකරත්න මිය ඇතුළු ආයතන කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම පුන්‍යෝත්සවය පැවැත්වුණා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.