ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022

නොවැම්බර් 18th, 2022

ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුණි.

මෙහි දී අපේ රටේ සාහිත්‍ය වෙනුවෙන් කැපවූ විවිධ සාහිත්‍ය කලා කුසලතා පිරිපුන් සාහිත්‍යවේදීන් සම්මානයෙන් පිදුම් ලැබූහ. නව පරපුරේ සාහිත්‍යවේදීන් මෙන්ම සිංහල – දමිළ ගද්‍ය, පද්‍ය සාහිත්‍ය වෙත අත්පොත් තබන දරුවන් ද ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමි කරගත්තා. අපේ රටේ සිටින ප්‍රවීණතම විනිසුරු මඩුල්ලකගේ අධීක්ෂණය යටතේ තෝරා ගැණුනු, විවිධ අංශ ඔස්සේ සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු බොහෝ පිරිසක් මෙලෙස සම්මානයට පාත්‍රවිය.

ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022 විශේෂ ආරාධිත අමුත්තා වූයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්.

ගරු විනිශ්චය මණ්ඩල සාමාජික පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමකොට වදාළහ. එසේම ගරු විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතුළු සාහිත්‍යවේදීන් ප්‍රවීණ කලා ශිල්පීන් බොහෝ දෙනෙක් ද සම්මාන උළෙල සඳහා සහභාගී වී සිටියහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ ජාතික උරුම අංශයේ ආයතන ප්‍රධානීන්, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ටවර් හෝල් රඟහල පදනම, ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රය, ඇතුළු අමාත්‍යංශයට සම්බන්ධ අනිකුත් ආයතන ප්‍රධානීන්, කොළඹ – කළුතර – ගම්පහ ප්‍රාදේශීය ලේකම්වරුන්, වෙනත් අමාත්‍යංශ ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු බොහෝ පිරිසක් ද සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී සිටියා. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.