
ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ අට වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වේ
සැප්තැම්බර් 15th, 2022ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අට වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී අද (15) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
උසස් ඩිප්ලෝමා සහතික ලැබු තිස්හත්දනකු අතරින් පස්දෙනෙකු වෙත සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර, නීතීඥ ජෝන් ද සිල්වා, නීතීඥ චාල්ස් ඩයස් , මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන ශිෂ්‍යත්වයන්ට හිමි පදක්කම් ද මෙහිදී පිරිනැමිම සිදු කෙරිණි.
මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති පී.එම්.සී. තිලකරත්න, අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ශෂිකලා කුගමුර්ති, අධ්‍යාපන පීඨයේ ද්විතීයික හා තෘතියික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ශමේන්ද්‍ර වනසිංහ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංස්කෘතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, අතිරේක ලේකම් (පාලන) එස්.ජී. පල්ලියගුරුගේ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක,
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු, නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයින්, ආචාර්ය මණ්ඩලය, ඩිප්ලෝමාලාභී සිසු දරු දැරියන් දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක්වුහ.