ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය ‘ටවර් ප්‍රභාෂ්වර’ …

අගෝස්තු 16th, 2024

අරලගන්විල, විලයාය ජාතික පාසල සහ ටවර් හෝල් රඟහල පදනම එක්ව සංවිධානය කරන ලද ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය ‘ටවර් ප්‍රභාෂ්වර’ ප්‍රසංගය අරලගන්විල මහවැලි ප්‍රතිභා ශාලාවේදී පැවැත්විණි.

ඉපැරණි නූර්ති, නාඩගම්, ග්‍රැමර්ෆෝන් හා ටීටර් නාට්‍ය ජවනිකා අංගයන්ගෙන් සමන්විත වූ මෙම ප්‍රසංගය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ ශිල්පීහු රංගනයෙන් සහ ගායනයෙන් දායක වූ අතර දෙමව්පියන් සිසු දරුවන් ප්‍රසංගය නැරඹීමට සහභාගී වූහ.

ටවර් හෝල් රගහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා, කලාකරුවන්, විලයාය ජාතික පාසලේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, ටවර් හෝල් රඟහල පදනමෙහි නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.