
ත්‍රිපිටකය, ලෝකයේ මතක උරුමය පිළිබඳ යුනෙස්කෝ වැඩසටහනට ඉදිරිපත්කළ යුතුද යන්න පිළිබඳ සාකච්ඡාව
නොවැම්බර් 2nd, 2022ත්‍රිපිටකය, ලෝකයේ මතක උරුමය පිළිබඳ යුනෙස්කෝ වැඩසටහනට ඉදිරිපත්කළ යුතුද යන්න සහ අපේ රටේ පෞරාණික බෞද්ධ රජ මහා විහාරයන් හී විනාශ වෙමින් පවතින ත්‍රිපිටකය ඇතුළත් පුස්කොල පොත් ක්‍රමවත්ව සංරක්ෂණය කිරීමේ වැඩපිළිවලක් සකස් කිරීම සම්බන්ධයෙන්, හිටපු විධායක ජනාධිපති ගරු. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී වූ සාකච්ඡාවක් සෙත්සිරිපාය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී (නොවැම්බර් 1දා) පැවැත්වුණි.
මෙම සාකච්ඡාව සඳහා ගරු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් ද සහභාගීවීමට නියමිතව සිටියද කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරී කටයුතු නිසා පැමිණීමට අපහසු බව දන්වා තිබුණි.
මෙහි දී, ලෝකයේ මතක උරුමය පිළිබඳ යුනෙස්කෝ වැඩසටහනට, ඉදිරිපත් කිරීම සඳහා සපුරාලිය යුතු නිර්ණායකයන් සලකා බැලීමේ දී ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්කිරීම අවශ්‍යවන්නේ දැයි නැවත සැලකිල්ල යොමුකළ යුතු බවට යෝජනා වුණි. බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය තුන්ලෝකවාසීන් වෙනුවෙන් ම දේශනා කරන ලද්දකි. මේ නිසා ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් බවට පත් කරන ලද්දේ බුදුන් වහන්සේ විසින්මය. එය සිදු වූයේ යුනෙස්කෝ ආයතනය බිහිවීමට වසර 2500කටත් පෙරදීය. එබඳු වූ ත්‍රිපිටකය නැවත යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් වශයෙන් පිළිගැනීමට ඉදිරිපත් කිරීම බුදුන් වහන්සේටත් උන්වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මස්කන්ධයටත් කරන අවමානයක් බව මේ පිලිබඳ සාකච්ඡා කළ කමිටුවේ අදහස වුණි.
ඒ වෙනුවට, අපේ රටේ විහාරස්ථානයන් හී සහ වෙනත් පෞද්ගලිකව තැන්පත්ව ඇති පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් විනාශවෙමින් පවතින බැවින් එම පුස්කොළ පොත් සංරක්ෂණය කොට ප්‍රශස්ත පරිසර තත්වයන් යටතේ පවත්වාගෙන යාම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දීපව්‍යාප්ත ජාතික වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම වඩාත් කාලෝචිත බවට සාකච්ඡා වුණි.
හය වන විධායක ජනාධිපති ගරු. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු අමාත්‍යංශයේ සහ විෂය භාර ආයතන ප්‍රධානීන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමන්, සම්මානිත මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා, ආචාර්ය බී.ඩී. නන්දදේව මහතා, වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා ඇතුළු විද්වත් මඩුල්ලක් ද විෂය භාර අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණි.