ත්‍රිපිටක දීපනී ජිඩිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයේ සංරක්ෂණය කිරීමේ ‌‌ඓතිහාසික අවස්ථාව

ඔක්තෝබර් 5th, 2022

වසර 125 කට පෙර අපෙන් ගිලිහුණු අපේ උරුමයේ පුනරාගමනය – ත්‍රිපිටක දීපනී
ජිඩිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයේ සංරක්ෂණය කිරීමේ ‌‌ඓතිහාසික අවස්ථාව

අපේ රටේ පමණක් නොව බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ තිබෙන පුස්කොල පොත්, හී සඳහන් ශ්‍රී සද්ධර්මය, අනාගත දරුපරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා අන්තර්ජාලයේ www.paramaththa.org වෙබ් අඩවියේ සංරක්ෂණය කිරීමේ ‌ඓතිහාසික මොහොත පසුගිය දා උදා වුණා. මේ මගින් ඉතා පහසුවෙන් විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු ධමර්‍ කරුණු අධ්‍යයනයේ යෙදෙන දෙස් විදෙස් පර්යේෂක සියළු දෙනා ට සද්ධර්මය පරිශීලනයට මනා පිටුබලයක්  විය.
අනුරාධපුරය, ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, සේනාසනස්ථ පරමත්ත පදනම, ආරණ්‍ය සේනාසනය කේන්ද්‍රකොටගෙන පවතින එංගලන්තයේ අයි.සී.ටී.බී.ආයතනය, ඕස්ට්‍රේලියාවේ අයි.සී.ටී.බී.ආයතනය, ඇතුළුව දෙස් විදෙස් දායකත්වයෙන් මෙම මහා පුණ්‍ය කටයුත්ත පසු ගිය (02) දා ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ දී සිදු කරනු ලදී.
අමරපුර නිකායේ චූල ඝන්ටි පාර්ශ්වයේ මහා නායක අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජනීය ගන්තුනේ අස්සජි මහා නායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු අපේ රටේ පූජනීය මහානාහිමිපාණන් වහන්සේලා බොහෝමයක් මෙම ඓතිහාසික අවස්ථාව සඳහා වැඩමකොට වදාළාහ.
පුස්කොළ පොත් නාමාවලී ග්‍රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම ගරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන්, ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්, ජනනී ප්‍රේමදාස මැතිණිය, LOLC සමාගමේ සභාපතිතුමිය ඇතුළු පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් අතින් සිදුකරණි.
බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන් වෙනුවෙන් පූජාභූමි අධ්‍යක්ෂ රුචිර විතාන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්නසිරි අරංගල, කොළඹ විශ්විද්‍යාලයේ කථිකාචාර්ය දනුෂ්ක රන්දුල ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වීය.