තෙළිඟු ජනතාවගේ ජීවනෝපාය ප්‍රශ්ණ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කෙරේ.

පෙබරවාරි 28th, 2023

ශ්‍රී ලංකාවේ දැනට තෙළිඟු ජනතාව ජීවත් වන ගම්මාන 7 ක් පිහිටා තිබේ. පාරම්පරික සංස්කෘතික සම්ප්‍රදායික (නාගයින් භාවිතා කරමින් කෙරෙන රඟදැක්වීම් වැනි) හැකියාවන් දෙස් විදෙස් සංචාරකයන් වෙත ප්‍රදර්ශණය කරමින් ඉන් ලැබෙන මුදල් වලින් ඔවුන් තම ජීවනෝපාය සලසා ගනියි. වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන සීගිරිය, ගාල්ල, ත්‍රීකුණාමලය උණුවතුර ලිං අසල වැනි ප්‍රදේශයන් හී මෙසේ එම ජනතාවගේ හැකියාවන් ප්‍රදර්ශණය කරමින් දැනට අවුරුදු 40ක පමණ කාලයක සිට මෙසේ ඔවුන් ජීවත්විය.

එහෙත් දැනට අවුරුදු කිහිපයකට ඉහත සිට ඇතිවූ කෝවිඩ් බලපෑමත් සමග එම කටයුතු තාවකාලිකව නවතාලීමට සිදු වුණි. නැවත පෙර පරිදි එම කටයුතු කරගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඔවුන් විසින් අමාත්‍යතුමා වෙත අද දින(27) ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූහ. තවද තඹුත්තේගම තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර එය යළි පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහාත් යෝජනා ඉදිරිපත් කෙරුණි. අමාත්‍ය විදුර වි‍ක්‍රමනායක මැතිතුමා එම මොහොතේම මෙම අවශ්‍යතා ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙමින්, ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛණ සාදවා ගැනීමට අවශ්‍ය විධිවිධාන යොදනු ලැබීය.

කේ.ආර්.අනවත්තු තෙළිඟු ජනතා නායකතුමා, සමස්ථලංකා තෙළිඟු ජන සංගමයේ ලේකම් ඩී නිමල් මහතා ඇතුළු නිලධාරීන් සහ සාමාජික මහතුන් මේ සඳහා සහභාගී වූ අතර, ඔවුන් ඇමතිතුමා වෙත තම තෙළිඟු ජනතාවගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරණු ලැබූහ.