
දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේදී අද දින (02) බෞද්ධ ධජය ඔසවමින් නිල වශයෙන් වෙසක් සතිය අරඹයි
මැයි 3rd, 2023ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සහභාගී වෙමින් අදින් ඇරඹෙන වෙනස් සතිය වෙනුවෙන් නිල වශයෙන් බෞද්ධ ධජය ඔසවනු ලැබුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමෙන් අනතුරුව ක්‍රි.ව. 1885 දී ප්‍රථමයෙන් බෞද්ධ ධජය ඔසවනු ලැබුයේ මෙම කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේදී වීම විශේෂත්වයක්.
විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කෙරෙන අතර එහි පළමු පියවර වශයෙන් චාරිත්‍රානුකූලව බෞද්ධ ධජය එසවීම මෙහි දී සිදු කරනු ලැබුවා.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සම්බුද්ධ සාසනෝදය මහා සංඝ සභාවේ මහා නායක වස්කඩුවේ මහින්දවංශ නාහිමි ඇතුළු මහා සංඝරත්නය, තායිලන්ත තානාපති පොජ් හාන් පෝන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, සරත් වීරසේකර, බෞද්ධ සංවිධාන නියෝජිතයින්, සිසු දරුවන් සහ දායක දායිකාවන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.
කරුණු ලබා ගැනීම
අග්‍රාමාත්‍ය කාර්යාල වෙබ් අඩවිය