
නර්තන, චිත්‍ර, සංගීත, පාඨමාලා සඳහා සිසු සිසුවියන් බඳවාගැනීමේ සමාරම්භක වැඩසටහන
ඔක්තෝබර් 27th, 2022බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන 2022-2023 වර්ෂ සඳහා නර්තන, චිත්‍ර, සංගීත පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීමේ වැඩසටහන පසුගිය(25) දා එම පරිශ්‍රයේ දී පවත්වනු ලැබුවා. මේ සඳහා නවක සිසු සිසුවියන් ද පුහුණුව ලැබූ දරුදැරියන් ද දෙමාපියන් ද සහභාගී වී සිටියා. මීට පෙර ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් විවිධ නර්තන අංගයන් ඉදිරිපත් කිරීම් තුළින් වැඩසටහන විචිත්‍රවත් වුණා. ඔවුන් අතර පැවති තරඟ අංශ වලින් දක්ෂතා දැක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්මාන සහ සහතික පත් ද මෙහි දී පිරිනැමුණා. වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජනකලා කේන්ද්‍රයේ සංගීත අංශයේ ජාලිය කළුආරච්චි මහතා විසින්.
මෙම අවස්ථාව සඳහා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, අනෝජා ගුරුගේ සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරුගේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආර්.එම්.එම්.ජේ රාජපක්ෂ, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) සෝමසිරි ඒ්කනායක, අපේගම පරිශ්‍රයේ අධ්‍යක්ෂ තාරකා හෙට්ටිආරච්චි, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල, ප්‍රධාන ගණකාධිකාරී (බුද්ධ ශාසන)රසිකා වැලිවිට, ජනකලා කේන්ද්‍රය හිටපු අධ්‍යක්ෂ නයනා එස්. පී.කේ ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතන කාර්යමණ්ඩල සමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙක් ද සහභාගී වී සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වුණා.