නව වසරට සෙත්ශාන්තිය ප්‍රාර්ථනා කෙරෙන – පහතරට නර්තන සම්ප්‍රදායේ එන “දේවදානය සහ ගරා යකා ශාන්තිකර්මය”

ජනවාරි 9th, 2023

අපේ රටේ ජාතික උරුමයන් සංස්කෘතික උරුමයන් ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ නව වසරට සෙත්ශාන්තිය ප්‍රාර්ථනා කෙරෙන, පහතරට නර්තන සම්ප්‍රදායේ එන “දේවදානය සහ ගරා යකා ශාන්තිකර්මය” අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ නර්තනාංශය මගින් (03සහ 04 දෙදින) සංවිධානය කරනු ලැබුණි.

ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ නර්තනාංශයේ සිසුන් මෙම ශාන්තිකර්මයේ නර්තන වාදන ඇතුළු සියලු කාර්යයන් සිදුකරනු ලැබුහ. අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු අතිරේක ලේකම්වරුන් ගේ මග පෙන්වීමෙන්, සහභාගීත්වයෙන් පැවති මෙම සංස්කෘතික උත්සවය, ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිරෝෂා ජානකී රාජපක්ෂ එහි ආචාර්ය මණ්ඩලයේ ජේ.කේ.ආර්.අතපත්තු, නදීශා ප්‍රනාන්දු ඇතුළු ආචාර්ය මඩුල්ලේ සංවිධායකත්වයෙන් සිදු කරනු ලැබුහ. ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන්, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් ඇතුළු නිලධාරීන් ද, අදාල ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩලය ද දින දෙකක් පුරා අඛණ්ඩව පැවති මෙම දේවදානය සහ ගරා යකා ශාන්තිකර්මය සඳහා සහභාගී වූ අතර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මේ සඳහා සහභාගී විිය