
ප්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කර ගැනිම සඳහා පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්
මාර්තු 2nd, 2023ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයක් පසුගියදා ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පැවැත්විනි. ඉන් එක් වැඩසටහනක් වයඹ පළාත් සභාවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය හා එක්ව අලව්ව ප්‍රාදේශීය සභාවේ නිළධාරීන් උදෙසා පැවති අතර ඊට සමගාමීව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය යටතේ පුහුණුව ලත් සර්වාගමික දහම්පාසල් ගුරුභවතුන්ගේ ප්‍රගති සමාලෝචනය හා සහතික පත්‍ර බෙදා දීමද සිදු කෙරිණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් ස්වර්ණපාලී මහා විද්‍යාලයේදී එහි දූ දරුවන් ඒකසිය පනහකට අධික සංඛ්‍යාවක් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය පිළිබඳ වැඩසටහන පවත්වන ලද අතර මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දරුවන් ගොඩනගාගෙන ඇති විශ්වාස පද්ධතියේ වැරදි සහගත බව හා මත්ද්‍රව්‍ය භාවිතයේ නියම හානිය පිළිබඳව මෙහිදී දරුවන් දැනුවත් කෙරිණි. එම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී එන්.ආර්. අමරසිංහ මහතා විසින් සිදුකරන ලදි.