
පුරාවිද්‍යා මෙහෙයුම් කමිටුව පිහිටුවීම
සැප්තැම්බර් 29th, 2022ශ්‍රී ලාංකේය ජාතික අභිමාණය ලොව ප්‍රචලිත කරන එක් සංධිස්ථානයක් වන්නේ අපේ රටේ පෞඩ ඉතිහාසයයි. වසර දහස් ගණනින් අතීතයට දිවයන ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අප සතු පුරාවස්තූන් ආරක්ෂා කර අනාගත දරුපරපුර වෙනුවෙන් දායාද කිරීම අපි සියළු දෙනාගේම වගකීමක්.
මෙම උදාරතර සංකල්පය සාක්ෂාත් කරගැනීමේ අභිලාෂයෙන්, පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ දී මෙන්ම සංරක්ෂණය කිරීම හා ගවේෂණයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා “පුරාවිද්‍යා මෙහෙයුම් කමිටුව” පිහිටුවනු ලැබුවා.
රජයේ විවිධ ආයතන සිදු කරන සංවර්ධන කටයුතු වල දී පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටළු හඳුනාගැනීම, එම ගැටළු නිරාකරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ලබා ගැනීම මෙයින් බලාපොරොත්තු වෙනවා.
මේ හා සම්බන්ධ රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව මේ සඳහා තීන්දු තීරණ ගනිමින් සිටින අතර තවත් පුරාවිද්‍යා මෙහෙයුම් කමිටු රැස්වීමක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ජාතික උරුම අංශයේ මූලිකත්වයෙන් අද (28) දින පවත්වනු ලැබුවා.
අමාත්‍යංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) නිශාන්ති ජයසිංහ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සංවර්ධන ඩබ්. පී. සන්දනායක මිය, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී ද සිල්වා, වාරිමාර්ග අමාත්‍යාංශය අතිරේක ලේකම් (වාරි සංවර්ධන හා කළමනාකරණ / ඉඩම් හා නීති) චන්දිකා වී ඇතුගල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිලූපා එන් අඹේපිටිය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්.පී.සී.ඒ. වීරසූරිය, සංචාරක සහ ඉඩම් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආර්. ඒ.එන්. කුමාරි, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්. එස්. මුදලිගේ, පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ, ශ්‍රී ලංකා රේගුවේ රේගු අධිකාරි පී. විජේනායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන පාලක රක්ෂණ හා නීති ක්‍රියාත්මක කිරීම් අංශයේ එන්.ඒ. ජයන්ත, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ මිනින්දෝරු අධිකාරි (විශේෂ මැනුම් හා තත්ව පාලන) එස්. එම්. ජේ. එස්. සමරසිංහ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.එච්.ආර්.ඩී. විජේසිංහ, යන මහත්ම මහත්මීන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්චාව සඳහා සහභාගි වී සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම අවස්ථාව ට සහභාගී වුණා.