සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීම ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති ගරු පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේගේ හා ප්‍රධාන ලේඛකාධිකාරී ගරු මුල්කිරිගල සීලප්‍රිය මණින්ද්‍රා මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (28) පැවැත්විණි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තෝර දේශීය භෝග වගා කිරීම හා පරිභෝජනයට කාන්තා ප්‍රජාව […]
අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන අරමුදලේ සාමාජිකයෝ 2023.03.24 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වුහ. මෙහිදී බුද්ධ ශාසන අරමුදලේ වත්මන් තත්වය, පසුවිපරම හා ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කල අතර විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් ද ගතයුතු ඉදිරි […]
මෙකී ශිෂ්‍යත්ව ප්‍රධානය සඳහා සුදුසු හා කැමැත්ත ඇති මෙහෙනිවරු වැඩසිටී නම් ඒ පිළිබඳ තොරතුරු ඉක්මනින් ලබාදෙන ලෙස කාරුණිකව සිහිපත් කරමු .
ලෝක නාට්‍ය දින සැමරුම් උලෙළට සමගාමීව ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරන ලද නාට්‍ය දින සැමරුම් උත්වයක් මරදාන එල්.ෆින්ස්ටන් රඟහලේදී නාට්‍යකරුවන් හා ටවර් සිංහල හා දෙමළ නාට්‍ය පාසලේ සිසු දරුදැරියන්ගේ ප්‍රධානත්වයෙන් අද (27) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 1948 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 1961 වර්ෂයේ දී ජාත්‍යන්තර රංග කලා ආයතනය (International Theatre Institute – […]
ශ්‍රී ලංකාවට ආවේනික කලාවක් වන බයිලා කලාව මේ වන විට ලාංකික රසිකයන් තුළින් වියැකි යන කලාවක් බවට පත් වී ඇති බවත්, තමන් ඇතුළු කණ්ඩායම මෙය නැවත ජනගත කිරීමේ කර්තව්‍යක නියැලෙන බවත් සමස්ත ලංකා බයිලා සංගමයේ සභාපති සුමතිපාල පෙරේරා මහතා අද (25) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සඳහන් කළේ ය. සමස්ත ලංකා සරල බයිලා සංගමයේ 55 […]
ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා පත් කර සිටින හජ් කමිටුවේ නිලධාරී මඩුල්ලෙහි වැඩ කටයුතු පහසුවෙන් කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහි ස්ථාපනය කළ නව කාර්යාලය විවෘත කිරීම එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Z.A.M.ෆයිසල් සහ හජ් කමිටුවේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් 2023-03-21 දින සිදු කෙරිණි. මක්කම වන්දනාව සඳහා මෙරටින් බැහැර වන ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් උපරීම සාධාරණ ලෙස […]
ලෝක රූකඩ දින සැමරුමට සමගාමී ලෝක උරුමයක් වූ ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ පාරම්පරික නූල් රූකඩ කලාව ප්‍රකට කෙරෙන “රූකඩ නාට්‍ය ප්‍රසංගය සහ සංස්කෘතික දැක්ම“ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කමත එළිමහන් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් අද (21) පැවැත්විණි. ජාත්‍යන්තර රූකඩ ශීල්පයන් හා කරට කර දස්කම් දක්වන සුලෝචනා දිසානායක මහත්මියගේ යෝධ රූකඩ,ශ්‍රී ලාංකේය රූකඩ නාට්‍ය කේෂ්ත්‍රයේ අගේසර […]
වෙසක් උළෙල නිමිත්තෙන් උතුම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර ශාඛාවක් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රන්තයේ අවුරංගාබාද් නාසික් ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත වැඩම කිරීමේ පුණ්‍යා්ත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත අද (20) ආරාධනා කෙරිණි. ඉන්දියාවේ සිට පැමිණි Ven bhikkhu Sugat Maha thero, Ven bhikkhu sangharatna thero යන හිමිවරු […]
ඓතිහාසික වාසල කෝට්ටේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ජාතික දේවස්ථානයේ 2023 වාර්ෂික මහා මංගල්‍යය ජුනි මස 17 සහ 18 දින පැවැත්‌වේ. ඓතිහාසික වශයෙන් වැදගත් වන, වාසල කෝට්ටේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් සෑම වසරකම පවත්වනු ලැබේ. මේ සඳහා අපේ රටේ සියළු ප්‍රදේශ වලින් කිතුනු බැතිමතුන් ඇතුළු මහා […]
රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (16) පැවැත්විණි. පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම්කර […]
නිකාය හා නිකාය පාර්ශ්ව ගරු ප්‍රධාන ලේඛකාධිකාරි මහානායක,අනුනායක ස්වාමීන් වහන්සේලා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (14) බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ශාසනික වශයෙන් ඉතා වැදගත් තීරණ සම්බන්ධව ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමත්, නිකාය හා නිකාය පාර්ශවයන්ගේ අතිපුජ්‍ය මහානායන ස්වාමීන් […]
පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ඇතුගල් පුරවරයේ බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය, සම්ප්‍රදායාණුකූලව ප්‍රදේශයේ දරුවන් ඇතුළු කලා ශිල්පීන් වෙත භාර දෙයි. අපේ රටේ ඓතිහාසික උරුමයන් සුරකිමින් සංස්කෘතික දායාදයන් අනාගත පරම්පරාව වෙත ගෙනයන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙවන් වූ සංස්කෘතික මධ්‍යස්ථාන හැඳින්විය හැකියි. රටට දැයට වැඩදායී යහපත් ගුණ ගරුක සමාජයක් බිහි කිරීම උදෙසා මෙවන් වූ සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීම තුළින් […]
ඉන්දීය රජය විසින් අමාත්‍යංශය වෙත ලබා දෙන ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය මහ කොමසාරිස්තුමා ඇතුළු පිරිස අමාත්‍යතුමා හමුවිය. ඉන්දීය රජයෙන් පසුගිය දා ප්‍රදානය කරනු ලැබූ යාපනය සංස්කෘතික මහ මැදුරෙහි ඉදිරි පරිපාලන කටයුතු පිළිබඳව සහ ප්‍රදානයක් ලෙස ලබාදෙනු ලබන ඩොලර් මිලියන 15 ආධාර මුදල් යොදවමින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති […]
ඓතිහාසික රිදීගම රාජ මහා විහාරය ආශ්‍රිත භූමි භාගයක ඉදිකරන ලද මෙම රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ, දූ දරුවන්ගේ කලා කුසලතා වැඩිදියුණු කරගැනීම සහ එලිදැක්වීමේ මධ්‍යස්ථානයක් වශයෙන් උපරිම සේවයක් සැලසීමයි. ප්‍රදේශයේ ආරාධිත කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් 11 දා රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරුී. එහි දී ප්‍රථමයෙන්ම ආරාධිත අමුත්තන් ලෙස සහභාගී […]
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ගාලු උරුමය පදනමෙහි කළමනාකරණ මණ්ඩලය සඳහා නව සමාජීකයින් පත් කිරීම අද (09) ගාලු උරුමය පදනම පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ගාලු උරුමය පදනමෙහි නව සභාපතිවරයා ලෙස ආචාර්ය ටී.එම්.ජේ.එන්.කුරේ මහතා පත් වූ අතර ඒ.එච්.අනිල් කුමාරසිරි,චාමිකර පිලපිටිය,එච්.කේ.බාලචන්ද්‍ර,මහාචාර්ය විජේරත්න බෝහිංගමුව යන මහත්වරු කළමනාකරණ මණ්ඩලයෙහි නව සමාජීකයින් ලෙස පත් කෙරිණි. නව සභාපතිවරයා […]
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ සේවයේ නියතු ගැබිනි මව්වරුන් වෙනුවෙන් “සෙනෙහස” රසවින්දනාත්මක සායනය නම් වැඩ සටහනක් බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාලය සංකීර්ණයේ (08) පැවැත්විණි. බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ අතුරුගිරිය සිංහ සමාජය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. මව්වරුන්ගේ රසාස්වාදය උදෙසා ගී රස වින්දන වැඩ සටහනක් සහ ත්‍යාග බෙදා දීමේ අවස්ථාවක් ද මෙහිදී සිදුවිණි. […]
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සංවිධානය කළ වැඩසටහන් කිහිපයක් පසුගියදා ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පැවැත්විනි. ඉන් එක් වැඩසටහනක් වයඹ පළාත් සභාවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශය හා එක්ව අලව්ව ප්‍රාදේශීය සභාවේ නිළධාරීන් උදෙසා පැවති අතර ඊට සමගාමීව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය යටතේ පුහුණුව ලත් සර්වාගමික දහම්පාසල් ගුරුභවතුන්ගේ ප්‍රගති සමාලෝචනය හා සහතික පත්‍ර බෙදා දීමද […]
අපේ රටේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඉතාලි රජයේ සහයෝගය ලබා දීමේ අරමුණින්, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර උරුම සංසදයේ පළමු පියවර පසුගිය (27) දා ඉතාලි තානාපති කාර්යාලයේ දී පැවැත්වුණි. පුරාවිද්‍යා, කෞතුකාගාර කළමනාකරණය, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය සහ අගය කිරීම යන ක්ෂේත්‍රයන් හී දෙරට අතර අදහස් හුවමාරුව සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීමට මේ මගින් බලාපොරොත්තු වේ. මෙම […]
රාජ්‍ය සම්මාන ලත් පොත් ප්‍රකාශන සමාගමක් වන ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ(පුද්) සමාගමෙහි අධිපතිතුමන් වන දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ කිහිපයක් පසුගිය (24) දා අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් වෙත ප්‍රදානය කරනු ලැබුවා. “ සිල්වතෙකු වී දහම අවබෝධ කර ගන්න”, “පංච උපාදානස්කන්ධ”, “කය වචන දෙකින් පින්-පව් සිතින් කුසල්-අකුසල්” යනුවෙන් ප්‍රකාශිත මෙම ග්‍රන්ථ ත්‍රිත්වය තුළින්, […]
ශ්‍රී ලංකාවේ දැනට තෙළිඟු ජනතාව ජීවත් වන ගම්මාන 7 ක් පිහිටා තිබේ. පාරම්පරික සංස්කෘතික සම්ප්‍රදායික (නාගයින් භාවිතා කරමින් කෙරෙන රඟදැක්වීම් වැනි) හැකියාවන් දෙස් විදෙස් සංචාරකයන් වෙත ප්‍රදර්ශණය කරමින් ඉන් ලැබෙන මුදල් වලින් ඔවුන් තම ජීවනෝපාය සලසා ගනියි. වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන සීගිරිය, ගාල්ල, ත්‍රීකුණාමලය උණුවතුර ලිං අසල වැනි ප්‍රදේශයන් හී මෙසේ එම ජනතාවගේ හැකියාවන් ප්‍රදර්ශණය […]
දෛනික ආමිස පූජාවන්ගෙන් පිදුම් ලැබිය යුතු පිරුවානා පොත් වහන්සේ, දෙදහස් පන්සිය පනස් වසරක ඉතිහාසයේ චූලම වූ පුස්තක රත්නය ලෙසින් (ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ) කරඬුවක තැන්පත් කොට, සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට නිරන්තරයෙන් ආමිස පූජා පැවැත්වීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබේ. අනුරාධපුර යුගයේ මහා විහාරික මහ රහතන් වහන්සේලා විසින් මීට අවුරුදු 1600 කට පමණ ප්‍රථම එක් […]
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටු වැව, පෝතානේගම පිහිටා ඇති අඩි 40 පමණ උස් වූ දැකුම්කළු ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටින රැස් වෙහෙර අපේ රටේ ඓතිහාසික උරුමයන් බොහෝමයක් දැක ගත හැකි පූජා භූමියකි. පැරණි ලෙන්, දුර්ලභ සඳකඩ පහණ, බෝධිය හා බෝධි ප්‍රාකාරය, ලෙන් විහාර සහ මූර්ති ශිල්පය තුළින් ඉමහත් ඓතිහාසික වැදගත් කමක් රැස්වෙහෙරට හිමිව තිබේ. රැස්වෙහෙර පූජා […]
කොරියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඉදිරි වැඩසටහන් පිළිබදව සාකච්ඡා කිරීම සඳහා පසුගිය (21) දා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ (සංස්කෘතික අංශයේ) දී ද්වි පාර්ශවික සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එම සාකච්ඡාවට සහභාගී වූ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්, දෙරට අතර සංස්කෘතික සහයෝගීතා වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි […]
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කළා. එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආකර්ශණය දිනාගැනීමේ අරමුණෙන් මෙම පෙරහැර සංවිධානය කර තිබුණි. රටේ […]
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත් කිරීම, පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේලා කළ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ දී පසුගිය (18) දා සාකච්ඡා කරන ලදි. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ විහාරස්ථානවල පවතින ගැටලු සම්බන්ධයෙන් […]
දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවිඳුන් ලොවට විදහා දැක්වු දිනය මහා ශිව රාත්‍රීය ලෙස සැලකනු ලැබේ. හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, කළුතර ශ්‍රී කදිර්වේලායුද ස්වාමි කෝවිල සමඟ එක්ව මහා සිවරාත්‍රි ආශීර්වාද පූජෝත්සවය එම කෝවිල් භූමියේ දී මහත් භක්තියෙන් පසු ගිය (18) දා සමරනු ලැබුණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් […]
ශ්‍රී ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය කෘතිය සහ වේදිකා නාට්‍ය ශිල්පීන් ගේ තොරතුරු නාමාවලිය එළිදැක්වේ. දේශීය නාට්‍ය කලාවට මෙන්ම නෘත්‍ය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටුකළ කෘතහස්ත සංගීතවේදියකු වන කලාභූෂණ ලයනල් ගුණතිලකයන් වසර විසිහයක් පුරා ටවර් හෝල් රඟහල පදනම සමඟ අත්වැල් බැදගනිමින් දේශීය කලාවේ අනාගත අභිවෘධිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනු ලැබුවා. […]
ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ ප්‍රථම කමිටු රැස්වීම පසුගිය (16) දා විෂය භාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. අංක 1525/12 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ති්. වර්තමානයේ සමාජයේ සිදුවෙමින් පවතින සාමාජීය, ආර්ථික වෙනස්කම් වලට සංවේදී වන ආකාරයේ නව සංස්කෘතික […]
බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම ගරු සභාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමාගේ 155 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවති මෙම වැඩසටහනේ මූලාසනය හොබවනු ලැබුවේ ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන්ම දින සැමරුමේ දී ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා වෙනුවෙන් පුෂ්පෝපහාර […]
ඉන්දීය රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කළ “සංස්කෘතික මහ මැදුර” විවෘත කිරීමේ කටයුතු ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය(11) දා උත්කර්ෂවත් ලෙස පැවැත්විිය 75 වන නිදහස් සංවත්සරයට සමගාමීව මෙම “සංස්කෘතික මහ මැදුර” විවෘත්ත කිරීමේ උත්සවය සංවිධානය වූ අතර ප්‍රාසාංගික සංස්කෘතික අංගයන්ගෙන් ද අලංකාරවත් විිය මෙම සංස්කෘතික ගොඩනැගිල්ල, ඉන්දීය අගමැති ගරු […]
ග්‍රන්ථ 07කින් සමන්විත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරුණු අතර, එහි පළමු පිටපත පසුගිය (09) දා ජනාධිපති කාර්යාලයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවා. එසේම මීට පෙර එළිදක්වා ඇති මජ්ඣිම […]
වර්ෂ 1915 දී ජාතික නායකයන් සහ ජනතාව ඝාතනය කරමින් ඇතිවූ කළහාකාරී තත්වය සමනය කිරීම සඳහා උපක්‍රම ශීලී ලෙස බ්‍රිතාන්‍යයට ගොස් ගරු පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා සමඟ එක්ව එවකට පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනමාධ්‍යවලට ලංකාවේ තත්වය අවබෝධ කරදී එම තත්වය සමනයකර ගැනීමටත් සිරගත කර සිටි ශ්‍රී ලාංකීය නායකයන් නිදහස් කරගැනීමටත් ලංකාවේ එවකට සිටි ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමටත් කටයුතු […]
දිවයිනේ විවිධ ප්‍රජාවන් අතර සහජීවනය සහ සහයෝගීතාව මූර්තිමත් කරන සංස්කෘතික මධ්‍යස්ථානයක අඩුපාඩුව මේ මගින් සපුරාලනු ඇති. ඉන්දියාණු රජය මගින් ලබා දුන් ආධාර මත ඉදි කෙරුණු මෙම යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය මගින්, යාපනය ප්‍රදේශයේ ජනතාව ඇතුළු උතුරු පළාතේ විශේෂයෙන්ම යාපනයේ ජනතාවට ඔවුන්ගේ සංස්කෘතිය සමඟ නැවත සම්බන්ධ වීමට සුදුසු සමාජ යටිතල පහසුකම් සපයනු ලබයි. මෙහිදී විවිධ සංස්කෘතික විෂයයන් […]
කොළඹ – 07, ටී.බී. ජයා මාවතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙහිම, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නව සේවා ස්ථානයේ රාජකාරී කටයුතු ආරම්භ කෙරුණි. මෙහි දී පැවැත්වුණු ආගමික වතාවත් සඳහා ද සහභාගී වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්, දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සහ ව්‍යාපෘතීන් පිලිබඳව ද සොයා බලන ලදී. සේවා […]
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැං කි-මූන් මහතා (Mr. Ban Ki-moon) ඇතුළු විදේශ දූත පිරිසක් “Path to Freedom” 75 වන නිදහස් සැමරුම් ප්‍රදර්ශණය නැරඹීමට පසුගිය (06) දා පැමිණියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් Ban Ki-moon මහතා දැඩි අවධානයෙන් සහ උනන්දුවෙන් ජාතික කෞතුකාගාරය සහ මෙම ප්‍රදර්ශනයයේ සියළුම ඓතිහාසික පුරාවස්තූන්, ලිපිලේඛණ නරඹන ලදි. මෙම ප්‍රදර්ශණය […]
අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් ගේ පූර්ණ උපදෙස් මත සහ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය තුළින්, කිසිදා ඔබට දැක ගැනීමට නොලැබෙන කෞතුකභාණ්ඩ, දුර්ලභ ලිපිලේඛණ, පුස්කොල ග්‍රන්ථ රාශියක් දැක ගැනීමට අවස්ථාව ලබා දී ඇත. 1972 දී බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් පූර්ණ වශයෙන් මිදුණු කාලවකවාණු දක්වා බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රාථමික මූලාශ්‍ර ගිවිසුම් ආදී වසර 150 පුරා පැතිරුණු අපේ […]
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, පසුගිය (පෙබරවාරි 02) දා ඓතිහාසික දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ විෂයෙහි, විශේෂ පූජා පවත්වමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ආගමික වතාවත් සිදුකරන ලදී. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතුමන් ද මෙම විශේෂ ආගමික පූජාවන් සඳහා සහභාගී වෙමින් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා ගත්තේය. ඉන් අනතරුව එදින(02) […]
ශ්‍රී ලාංකේය පාරම්පරික සංස්කෘතික උරුමයන් රැකගැනීමට, උඩරට නර්තන කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්දීය රජය, මහ කොමසාරිස් කාර්යාංශය සහ ඉන්දීය ජනතාව විසින්, ශ්‍රී දළදා මාළිගාව යටතේ තිබෙන පල්ලේකැලේ සිබා විශ්වවිද්‍යාලයට උඩරට නර්තන පීඨයේ අභිනව දෙමහල් ගොඩනැගිල්ල, පරිත්‍යාග කර ලදී. . පසු ගිය (පෙබරවාරි 01) දා පැවති මෙම දෙමහල් ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ උත්සවය වෙනුවෙන් ඉන්දියාණු මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක […]
පසු ගිය ජනවාරි 24 දා මිහිමිත් ප්‍රජාව ඇතුළු ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණ සමඟ අමාත්‍යතුමා සහ අමාත්‍යංශ ප්‍රධානීන් කළ සාක්ච්ඡා වලදී ගත් තීරණ අනුව, එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අද දින (31) විවිධ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කාර්යාංශයක් පිහිටුවනු ලැබුවා. බත්තරමුල්ල සෙත්සිරිපාය, 8 වන මහලේ, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පිහිටුවනු ලැබූ මෙම කාර්යාංශය […]
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම (28 පස්වරුවේ) ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වුහ. අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් සිදු වූ අතර විජිණිපත ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන […]
“සිරිසඟබෝ රජු හිස දන් දුන් අත්තනගල්ල” ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය පසු ගිය(26) දා අත්තනගල්ල රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වුණි. සිරිසඟබෝ රජු හිස දන් දුන් සැබෑ අත්තනගල්ල කුමක්දැයි සනාථ කරනු වස් ගිහි, පැවිදි විද්වත් මහාචාර්යවරුන් ගේ මණ්ඩලයක් විසින් අත්තනගල්ල රාජ මහා විහාරයේ ඓතිහාසිකත්වය හා පෞරාණිකත්වය නිසි පරිදි අපක්ෂපාතීව තහවුරු කරමින් මෙම ග්‍රන්ථය රචනා […]
පසුගිය දා(30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සකච්ඡාවේදී, සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධ ප්‍රශ්න ඇතුළු සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ගරු ජනාධිපතිතුමා සමඟ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික […]
ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුතු නිර්මාණශීලී සාරධර්ම සපිරි සංස්කෘතික පුරවැසියෙකු නිර්මාණය කිරීමේ කතිකාවතක් බත්තරමුල්ල, සංස්කෘතික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගිය(25) දා පැවැත්වුණි. අමාත්‍යංශය යටතේ පවතින අනෙකුත් ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම කතිකාවතේ දී මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් විවිධ අදහස් දක්වනු ලැබූහ. මෙහි දී වර්තමානයේ දී අපේ රටේ සංස්කාතික […]
පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්ෂ, ගණේමුල්ල ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාමාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන්වහන්සේ ගේ අනුශාසකත්වය හා මගපෙන්වීම මත අභිනවයෙන් ඉදිකරණු ලැබූ සුවිසල් ශ්‍රී සම්බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යමහෝත්සවය පසුගිය (26) දා සුබ මොහොතින් සිදු කරණු ලැබුවා. ගණේමුල්ල, ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ ඉතා අලංකාරවත් ලෙස ඉදිකරන ලද […]
අපේ රටේ එතරම් අවධානයට ලක් නොවූ මිහිමිත් ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ සංස්කෘතික අයිතීන් ආරක්ෂා කිරීමටත් ඒවා ලබා දීමටත් ගත හැකි පියවර සම්බන්ධයෙන් ලිට්ල් පීපල් ඇසෝසියේෂන් සංවිධානයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් බත්තරමුල්ල සංස්කෘතික අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා(24) පැවැත්වුණි. මෙහි දී එම සාකච්ඡා සඳහා සහභාගී වූ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා, ඔවුන්ගේ කලා කුසලතා […]
ආබාධ සහිත ප්‍රජාව මෙන්ම ඒ හා සමාන අනෙකුත් කොටස් ඇතුලත්වන පරිදි ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීම කෙරෙහි අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ අවධානය යොමු වූ අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුනි. ප්‍රථමයෙන් අමාත්‍යංශය තුළ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කාර්යංශයක් පිහිටුවීමටත්, ඔවුන්ගේ කලා කුසලතා එළිදැක්වීම සඳහා නෙළුම්පොකුණ […]
නැදුන්ගමුවේ රාජා හස්තියා සංරක්ෂණය කිරීම සඳහා යෝජනාවූ ස්ථාන වන මහනුවර අස්ගිරි මහා විහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය පිළිබඳව සොයා බැලීම සඳහා, විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු කෞතුකාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් පසුගිය දා මහනුවර එම ස්ථාන වෙත ගියහ. අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ, පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ හි […]
දෙරට අතර අත්සන් කිරීමට නියමිත සංස්කෘතික සහයෝගීතා ගිවිසුමෙහි මෙන්ම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධ ගිවිසුමෙහිද වත්මන් තත්ත්වය පිළිබඳව, මෙහිදී අමාත්‍යතුමා අවධානය යොමු කළේය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික සහයෝගීතා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය විවිධ රාජතාන්ත්‍රික ගිවිසුම් හී අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර ජාතික උරුම සංරක්ෂණය සහ පුරාවිද්‍යාව සම්බන්ධ නව ගිවිසුමක අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යතුමා […]
පොලොන්නරුව වැලිකන්ද කවුඩාගල ස්තූපයේ කරන ලද කැණීම් වල දී ශිලා මංජුසා තුළ පළිඟු කරඩු 4ක් ඇතුළු පුරාවස්තූන් රැසක් හමුවී තිබේ. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම කරඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී (17දා) නිරාවරණය කිරීමට කටයුතු කෙරුණි. මෙම නිරාවරණය කිරීමේ දී පලිඟු කරඩු මෙන්ම රිදී කරඬුවක් ද හමුවී තිබේ. අදාල ස්ථානයේ කැණීම් තව […]
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු ජාතික තෛයිපොංගල් උත්සවය තළවකැලය, ශ්‍රී කදිරේසන් කෝවිලේ දී (15දා) උත්කර්ශවත් ලෙස පැවැත්විණී. මෙම උත්සවය සඳහා සහභාගී වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් තම අදහස් පළ කරමින්, සූර්යා ඇතුළු සොබාදහම් මාතාවට කෘතගුණ සැලකීම තෛයිපොංගල් උත්සවයෙන් අරමුණු කරගන්නා සේම, අපෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහෙමින් යන ආචාරධර්ම, සංස්කෘතික වත් පිළිවෙත්, එකිනෙකාට ගෞරව […]
ඓතිහාසික ලෝක උරුමය සීගිරිය ශිකරය මත සිට සොබාව සෞන්දර්යයේ විශ්මිත දසුන් නරඹන්නට ලැබෙන ඒ දුලබ අවස්ථාව අද සිට (14) ඔබට ලබා දී තිබේ. මුලු මහත් ලෝකයේම ආකර්ශණය දිනාගත් සීගිරිය දෙස් විදෙස් සියළු සංචාරකයන් සඳහා උදෑසන 5.30 සිට ප්‍රවේශපත් නිකුත් කරන අතර රාත්‍රී 9.00 දක්වා සීගිරිය මත සිට දසුන් නැරඹීමේ අවස්ථාව හිමි වේ. සංචාරක ආකර්ෂණය හා […]
වේදිකා නාට්‍ය කලාවට නව ජීවයක් ලබාදීමේ අරමුණින් මෙන්ම ප්‍රේක්ෂක රසික ජනතාවට යලිත් වේදිකා නාට්‍ය නැරඹීමේ ප්‍රවණතාවක් ඇතිකිරීමේ අභිලාෂයෙන්, ටවර් නාට්‍ය උළෙල – 2023 විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ උපදෙස් පරිදි පසුගිය දා(09) මරදාන ටවර් රඟහලේ දී සහ එල්පින්ස්ටන් රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ කෙරුණු අතර අමාත්‍යතුමා ද ඊට සහභාගී වී සිටියා. අපේක්ෂාවේ වේදිකා මංගල්‍ය […]
කායික මානසික නිරෝගී භාවයෙන් යුතු දරු පරපුරක් මෙරටට දායාද කිරීමේ අරමුණින් අමාත්‍යංශයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ “පහන් දිවියට සහන් එළියක්” මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනෙහි තවත් එක් වැඩසටහනක් 2023.01.09 දින මරදාන ගෝතමී බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි. ඒ එම විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණියේ දැරියන් උදෙසායි. මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ නියම හානිය, දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කරගැනීමේ ජාවාරම්කරුවන්ගේ […]
අපේ රටේ ජාතික උරුමයන් සංස්කෘතික උරුමයන් ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකාවාසී සියළු දෙනාටම ලැබුවා වූ නව වසරට සෙත්ශාන්තිය ප්‍රාර්ථනා කෙරෙන, පහතරට නර්තන සම්ප්‍රදායේ එන “දේවදානය සහ ගරා යකා ශාන්තිකර්මය” අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ නර්තනාංශය මගින් (03සහ 04 දෙදින) සංවිධානය කරනු ලැබුණි. ග්‍රාමෝදය ජනකලා කේන්ද්‍රයේ නර්තනාංශයේ සිසුන් මෙම ශාන්තිකර්මයේ නර්තන වාදන ඇතුළු […]
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් කර ගැනීමට සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් 2023.01.03 දින එනම් අද දින බප/මීගමුව අසිරිමත් දේව මාතා ජාතික පාසලේ දී ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී එන්.ආර්. අමරසිංහ මහතාගේ සම්පත් දායකත්වය පරිදි පැවැත්විණි. මේ සඳහා විද්‍යාලීය 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා […]
ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරනු ලැබූ ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාෂ්වර ” අති උත්කර්ෂවත් ලෙස පසුගිය (29) දා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණ. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි, අභාවයට යමින් පවතින අස්පර්ශ උරුමයන් නව පරපුරට දායාද කිරීමත්, ඒවා සංරක්ෂණය කිරීමත්, ප්‍රේක්ෂක රසවින්දනයත් තේමා කරගනිමින් “ටවර් ප්‍රභාෂ්වර ” ප්‍රසංගය […]
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ අනුබද්ධ ආයතන කාර්ය මණ්ඩලය, විෂය භාර අමාත්‍යතුමා සමඟ එක්වී 2023 නව වර්ෂයේ වැඩ අරඹති. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ධර්මපාල මාවත පරිශ්‍රයේත් බත්තරමුල්ල සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශ පරිශ්‍රයේත් ජාතික උරුම අංශයේත් අද දින (02) අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ආයතන ප්‍රධානීන් සහ කාර්යමණ්ඩල, අමාත්‍යතුමා ගේ සහභාගීත්වයෙන් 2023 නව වසරේ වැඩ […]
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ, දේශීය සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙනයාමේ අභිලාෂයෙන් ආරම්භ වූ රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායම මගින් එලි දැක්වූ “හුස්මක්” රාජ්‍ය නර්තන හා සංගීත ප්‍රසංගය පසුගිය දා (21) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි. විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රසංගය, විශේෂයෙන්ම විවිධ රටවල් හී තානාපතිවරුන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, හෝටල් ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් […]
මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම (ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ කැණීම් තුලින් තවත් ඓතිහාසික පුරාවස්තූන් සොයා ගැනේ. බොහෝ කාලයක් කිසිවකුගේ අවධානයට යොමු නොවූ මිහින්තලේ අනුලාතිස ස්තූපය ඇතුළු එම ඓතිහාසික පූජා භූමිය කැණීම් සිදු කර සංරක්ෂණය කිරීම සඳහා පසුගිය වසරේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ අවධානය යොමු විය. එතුමන් ගේ උපදෙස් පරිදි කැණීම් සිදුකොට […]
රජගල ෙඑතිහාසික පුරාවිද්‍යාභූමිය දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීම සඳහා, සංරක්ෂණ සහ යටිතල පහසුකම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට උපදෙස් අපේ රටේ පුරාවිද්‍යාත්මක සහ ආගමික වශයෙන් ඉතාමත් වැදගත් ෙඑතිහාසික භූමියක් වන අම්පාර, උහන, රජගල පුරාවිද්‍යා පුද බිම පැරණි දිගාමඩුල්ලේ ෙඑතිහාසික උරුමය ලොවට කියාපාන අපේ උරුමයයි. ලෙන් 130ක් ඇතුළු දැකුම්කලු ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 1000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් […]
කොළඹ – 07, ජාවත්ත සුසානභූමියෙහි, කෝට්ටේ යුගයේ උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙන ස්ථානයක් අමාත්‍යතුමා විසින් නිරීක්ෂණය කෙරෙයි. කෝට්ටේ රාජධානියේ සිට, වර්තමාන ජාවත්ත ආදාහනාගාරය දක්වා මෙම ස්ථානයට එම කාලයේ දී, උමං මාර්ගයක් පැවති බවට අනුමාන කෙරෙයි. අදාල ස්ථානය නිරීක්ෂණය කිරීමට පසුගිය දා අමාත්‍යතුමා එහි ගියේය. පෘතුගීසි සමයේ තුවාල වූ පෘතුගීසීන් සුවපත් කිරීම සඳහා මෙහි තිබූ […]
2023 ටවර් නාට්‍ය උළෙල ජනවාරි 9 සිට 24 දක්වා ටවර් සහ එල්ෆින්ස්ටන් රංග ශාලාවන් හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂිත අනුනායක පදවියෙන් පිදුම් ලබන, අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන මහා ස්වාමීන්ද්‍ර අනුනායක පදවි ප්‍රාප්ත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ හි වත්මන් විහාරාධිපති ධූරය දරණ, අතිපුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ වෙත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂිත අනුනායක පදවිප්‍රාප්ත අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මෙම 18 දා ගැටඹේ රාජෝපවනාරාමයේ දී පැවැත් වුණි. මෙම අවස්ථාව සඳහා […]
මත්ද්‍රව්‍ය නිවාරණ දහම් ගුරු පුහුණු වැඩසටහන – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දහම් පාසල් ගුරු භවතුන් මත්ද්‍රව්‍ය නිවාරණය සබැඳි සම්පත්දායකයින් ලෙස පුහුණු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනෙහි ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහන 2022.12.18 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී දවස පුරා පැවැත්විණි. ඒ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේගේ හා දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙනි. වැඩසටහන මෙහෙයවීම […]
අනුරාධපුර, අරිප්පු පාර පැරණි නගරයේ නව සංඝමිත්තාරාම, සිල්මාතා පුහුණු මධ්‍යස්ථානයේ දී, 10 වන දින පැවති සැසිවාරය සහ විශේෂඥ වෛද්‍ය සායන වැඩසටහන් අවසානයේ දී වැඩමකර සිටි මෙහෙණින් වහන්සේලා මේ වන විට මුහුණපා ඇති ගැටළු, අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණි. මෙහි දී බොහෝ මෙහෙණින් වහන්සේලා මුහුණ දී ඇති ප්‍රශ්නයක් වූ, වැඩි වී ඇති විදුලි බිල්පත් සම්බන්ධයෙන් උද්ගතවී ඇති […]
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඓතිහාසික ආගමික සිද්ධස්ථාන පුනර්ජීවන කවය මගින් සංවිධානය කළ සාකච්ඡාවක් අනුරාධපුර, හල්මිල්ලකුලම, ශ්‍රී සුගත මහා විහාරස්ථානයේ දී 10 වන දින පැවැත්වුණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් සිද්ධස්ථානයන් සහ පුරා විද්‍යා රක්ෂිතයන් සහිත ප්‍රදේශ සම්බන්ධයෙන් පවතින ගැටළු ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු වුණි. විෂය භාර අමාත්‍යවරයා […]
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති H.E. Rita Giuliana Mannella මහත්මියගේත් EXPO Rome 2030 අපේක්ෂකත්ව සමාජික Gaetano Castellini Curiel මහතාගේත් සහභාගීත්වයෙන්, විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය සමග පැවති මෙම සාකච්ඡාව සෙත්සිරිපාය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ දී අද (08) පැවැත්වුණි. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්(පරිපාලන) අනෝජා පී […]
එළඹෙන නත්තල් දිනය නිමිති කරගනිමින් ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන නත්තල් තැපැල් මුද්දර නිකුත් කිරීමේ වැඩසටහන. මෙම මුද්දර සඳහා චිත්‍ර තෝරාගැනීම, වාර්ෂිකව පාසල් ළමුන් අතර චිත්‍ර තරඟ පවත්වා හොඳම චිත්‍ර අතුරින් තෝරාගනු ලබන අතර එම තරඟ අංශ ජයග්‍රාහකයින් ද සම්බන්ධ කරගනිමින්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කරනු […]
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වන පළමු ඒකබද්ධ කළමනාකරණ කමිටු හමුව ඉන්දියානු මහ කොමසාරිස්තුමා සහ විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ සම සභාපතිත්වයෙන් පැවැත්වුණි. නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, යාපනය නගරාධිපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගී වී සිටියහ. මෙම හමුවේදී ඵලදායි සාකච්ඡා පැවති අතර නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා අනු කමිටුවක් පත් කර […]
රුක්මණීදේවි ගුණානුස්මරණ පුස්තකාලය විවෘත කිරීම හා රුක්මණීදේවි ගී රස වින්දන වැඩසටහන මීගමුව-රුක්මණීදේවි අනුස්මරණ රංග ශිල්ප කේන්ද්‍රයේදී පැවැත්වුණි. අපේ රටේ ගීත කෝකිලාවිය, නිළි රැජින නමින් විරුදාවලී ලත් රුක්මණීදේවියගේ 44 වන ගුණ සමරුවට සමගාමීව ඇය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකලා වූ අනුපමේය සේවය අගයමින්, ටවර් හෝල් රඟහල පදනම සහ රුක්මණීදේවි අනුස්මරණ සංගමය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරුණි. රුක්මණිදේවී […]
සමස්ත ලංකා ජම්මීය තුල් උලමා (ACJU) සංවිධානය, තාරීකාස් උත්තරීතර කවුන්සිලය(SCOT) සහ ෂරියා කවුන්සිලය යන සංවිධාන තුනෙහි නියෝජිතයින් පසුගිය (24) දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී විෂය භාර අමාත්‍යතුමා සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂතුමන් හමුවී සාකච්ඡා පැවැත්වුණි. මෙම සාකච්ඡාවේ දී ඉස්ලාම් ආගමික, සංස්කෘතික ප්‍රශ්න මෙන්ම මුස්ලිම් ප්‍රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ද […]
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ සංඝගත දක්ෂිණාව අද දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විය. ආයතනයේ සේවයේ නියුතුව සිට හදිසියේ සමුගත් සුමාලි ජයවර්ධන මිය ඇතුළු, ආයතනයේ සේවය කර නැසීගිය සේවක සේවිකාවන් සිහිපත්කරමින් පින් අනුමෝදන් කිරීමේ සාංඝික දානමය පිංකමක් අද දින ආයතන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මේ සඳහා බොරැල්ල තිලකරත්නාරාමාධිපති අතිපූජ්‍ය රත්ගම වජිරනායක නාහිමිපාණන් වහන්සේ , විහාරාධිකාරී අතිපූජ්‍ය […]
සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම මෙම මස 18 දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩල රැස්වීම, ගරු සභාපති පූජ්‍ය පොළොන්නරුවේ ධම්ම නන්දා සිල්මෑණියන් වහන්සේ හා ගරු ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුල්ගිරිගල සීලප්‍රිය මනින්ද්‍රා සිල්මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිර හැර අනෙකුත් සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරන ලේඛකාධිකාරී සහ සභාපති […]
සමස්ත ලංකා තරුණ පිරිමි මුස්ලිම් සංගම් සම්මේලනය (YMMA) සමුළුවේ ජාතික සභාපති ඉහ්සාන් හමීඩ් මහතා ඇතුළු එම නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී (16දා) පැවැත්වුණි. මෙම සාකච්ඡාවේ දී, දැනට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වූ අතර ඉස්ලාම් සමාජයට ගැලපෙන ආකාරයටත් රටේ නීතියටත් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟත්වයකට පැමිණියහ. මෙම […]
ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2022, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වුණි. මෙහි දී අපේ රටේ සාහිත්‍ය වෙනුවෙන් කැපවූ විවිධ සාහිත්‍ය කලා කුසලතා පිරිපුන් සාහිත්‍යවේදීන් සම්මානයෙන් පිදුම් ලැබූහ. නව පරපුරේ සාහිත්‍යවේදීන් මෙන්ම සිංහල – දමිළ ගද්‍ය, පද්‍ය සාහිත්‍ය වෙත අත්පොත් තබන දරුවන් ද ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමි […]
ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල පවත්වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සමඟ සාකච්ඡාවක් පැවැත්වුණි. විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වාගැනීම සහ අපේ රටේ සංස්කෘතික හා සාමාජීය බැඳීම් වැඩිදියුණු කරගැනීමේ මූලික පරමාර්ථය ඇතිව වසරක් පාසා ලෝක නිවුන් දින උළෙල සංවිධානය වේ. ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක නිවුන් දින උළෙල සම්බන්ධයෙන් […]
දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද පළමු චෛත්‍ය ලෙස විශ්වාස කෙරෙන කොත්මලේ, නවංගම පිහිටා තිබෙන පුසුල්පිටිය රජ මහා විහාරයේ විහාර ගෙය මහනුවර, ගම්පොල සහ කොළඹ යුගයන් හි බිතුසිතුවම් රාශියකින් සමන්විත අතර ඉපැරණි පුස්කොළ ග්‍රන්ථ රාශියක් ද තැන්පත් කර ඇති අපේ රටේ තවත් ඓතිහාසික පුරා වෘත්තයකට උරුමකම් කියන පූජා භූමියකි. දළදා වහන්සේ තුන් වරක් මෙම පුජා […]
මහනුවර, ගඟඉහළ කෝරළය සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රදේශයේ ආරාධිත ප්‍රවීණ කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට. 207 වන සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ, ගඟඉහළකෝරයේ, කුරුඳුවත්ත පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය (12) දා ජනතා අයිතියට පත් කෙරුණි. මෙහි දී අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් උත්සවය වෙත පැමිණි ආරාධිත කලා ශිල්පීන් පිළිගැනීමත් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත්ත කිරීමට එම කලා ශිල්පීන්ටම අවස්ථාව […]
“ඉමගිර සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ” ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. ඉංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය හා ඉංගිරිය සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ ඉංගිරිය ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය එනම් “ඉමගිර සාහිත්‍ය කලා මහෝත්සවය 2022 ” ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසු ගිය (09) දා පැවැත්වුණි. රැඟුම් ගැයුම් වැයුම් සමඟින් අලංකාරවත් […]
“ජාතික නාමල් උයන” සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීමට සාකච්ඡා අපේ රටේ පාරිසරික සහ පුරාවිද්‍යාත්මක අතින් ඉතාම වැදගත් ප්‍රදේශයක් වන අනුරාධපුර, ගල්කිරියාගම පිහිටි “ජාතික නාමල් උයන” සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීමට සාකච්ඡා ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණන් වහන්සේ මෙම සාකච්ඡාව සඳහා වැඩමකර වදාළහ. මෙහිදී දැනට ජාතික නාමල් උයනෙහි සිදු කෙරෙන පුරාවිද්‍යා කැනීම් සම්බන්ධයෙන් […]
ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය සම්බන්ධයෙන් ඉදි වී තිබෙන එකම කෞතුකාගාරය වන්නේ, පොළොන්නරුවේ ඉදිකරණ ලද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් “පුරාණ තාක්ෂණ කෞතුකාගාරය” යි. පසුගිය (05) දා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුම අංශයේ කාර්ය මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යතුමා පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ නිරීක්ෂණ වැඩසටහනක් සඳහා සහභාගී වුණි. මෙහි දී එම […]
ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මැතිතුමන් සහ විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (1) දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති රැස්වීමේ දී මෙම ආධාර මුදල් යොදවනු ලබන ව්‍යාපෘති සහ එහි අන්තර්ගතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුණි. අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ රාමුවක් තුළ එම ව්‍යාපෘති කඩිනමින් ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ඉන්දිය මහ කොමසාරිස්තුමන් […]
අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය සඳහා වන ජාතික කමිටු රැස්වීම පසුගිය දා (01) සෙත්සිරිපාය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවැත් වුණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්ට අමතරව, අස්පර්ශනීය උරුමයන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන් වෙනුවෙන් දායක විය හැකි වෙනත් අමාත්‍යංශ යටතේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන් හී විද්වතුන් ද සම්බන්ධ කරගනිමින් පිහිටුවනු […]
සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග ශූරීන් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා උරුමයන් හී අභිවෘධිය වෙනුවෙන් කළ අමිල සේවය අගයමින් පිදෙන උත්තමාචාරයයි මේ. මහාචාර්ය ටී.ජී.කුලතුංග අභිනන්දන උපහාර වෙළුම ටී.ජී.කුලතුංග අභිස්තව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයක් පසුගිය (1) දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වුණි. කෘතියේ අන්තර්ගත ලිපි අපේ රටේ විද්වතුන් විසින් සම්පාදනය කර තිබුණි. සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග ශූරීන් ඇතුළු සියළුදෙනා පිළිගැනීම සහ අරමුණ […]
ත්‍රිපිටකය, ලෝකයේ මතක උරුමය පිළිබඳ යුනෙස්කෝ වැඩසටහනට ඉදිරිපත්කළ යුතුද යන්න සහ අපේ රටේ පෞරාණික බෞද්ධ රජ මහා විහාරයන් හී විනාශ වෙමින් පවතින ත්‍රිපිටකය ඇතුළත් පුස්කොල පොත් ක්‍රමවත්ව සංරක්ෂණය කිරීමේ වැඩපිළිවලක් සකස් කිරීම සම්බන්ධයෙන්, හිටපු විධායක ජනාධිපති ගරු. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී වූ සාකච්ඡාවක් සෙත්සිරිපාය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී (නොවැම්බර් 1දා) පැවැත්වුණි. මෙම සාකච්ඡාව සඳහා […]
අපේ රටේ බයිලා කලාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සමස්ථ ලංකා සරල බයිලා සංගමයේ නියෝජිත කලා ශිල්පීන් සමඟ සාකච්ඡාවක් පසුගිය (නොවැ.01) දා සෙත්සිරිපාය, සංස්කෘතික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. බයිලා ගායන – වාදන රසවින්දන වැඩසටහන් ඉදිරිපත් කිරීමට විද්‍යත් මාධ්‍ය නාලිකාවන්ට යෝජනා ඉදිරිපත් කිරීම, සංස්කෘතික මධ්‍යස්ථාන මගින් බයිලා සංගීත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බයිලා කලාව ඇතුලත් […]
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී, නෙදර්ලන්ත තානාපතිතුමිය සමඟ අපේ රටේ සංස්කෘතික සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයන්හී ප්‍රවර්ධන කටයුතු සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය (31) දා පැවැත්වුණි. නෙදර්ලන්ත තානාපති Bonnie Horbach මහත්මියත් එම තානාපති කාර්යාලයේ සංස්කෘතික ප්‍රතිපත්ති නිලධාරී නාමල් පෙරේරා මහතාත් සමඟ පැවති මෙම සාකච්ඡාවෙහි දී නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කරුණු ගණනාවක් […]
සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් අගයනු වස් පුද කෙරෙන “රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල“ අද (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් සභාපතිත්වය දරණ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව සහ විද්වත් මණ්ඩලයකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්මානිත ග්‍රන්ථ තෝරා ගැනීම මෙහිදී සිදුකරන අතර ජීවිතයේ එක්වරක් පමණක් […]
බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන 2022-2023 වර්ෂ සඳහා නර්තන, චිත්‍ර, සංගීත පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීමේ වැඩසටහන පසුගිය(25) දා එම පරිශ්‍රයේ දී පවත්වනු ලැබුවා. මේ සඳහා නවක සිසු සිසුවියන් ද පුහුණුව ලැබූ දරුදැරියන් ද දෙමාපියන් ද සහභාගී වී සිටියා. මීට පෙර ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් විවිධ නර්තන අංගයන් ඉදිරිපත් කිරීම් […]
අඳුර දුරලා ලොවටම එලිය දෙන, හින්දු බැතිමතුන් සමඟ අප සමරන දීපාවලී උත්සවය. දීාවලී යන්නෙන් අදහස් කරන්නේ ආලෝක පේලිය යන්නයි. එය තවදුරටත් විග‍්‍රහකළහොත් දීප යනු ආලෝකයයි. ආවලි යනු පේලියයි. මෙම වචන දෙක සන්ධි වීමෙන් දීපවාලි නැතහොත් දීපාවලි ලෙස අර්ථ දැක්වෙන බව නොයෙක් තැන් වල සඳහන් වේ. හින්දු දේවකතා, මහා භාරතය, නරක අසුරයාගේ කතාව, ජෛන සාහිත්‍ය කතා […]
සසුනඹර ඒකාලෝක කළ ජීවන පහණ නිවී ගියහ. අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ (22දා) සිදු කරණ ලදී. පසුගිය දෙදින (21,22) මහා සංඝරත්නය ඇතුළු ශ්‍රී ලංකා වාසී පින්වතුන් උන්වහන්සේට අවසන් බුහුමන් දැක්වීමට පැමිණීමෙන් අනුරාධපුර මහා විහාර භූමිය පිරී ඉතිරී ගියා අතර. […]
කලා කීර්ති, චිත්‍ර ශාස්ත්‍රඥ ඇස්.පී.චාල්ස් මැතිතුමාණන්ගේ 111 වන ජන්ම දින සංවත්සරය ශ්‍රී ලංකා ජාතික කොඩිය, රාජ්‍ය සභා සෙංකෝලය වැනි නිර්මාණ සහ වෙනත් රාජ්‍ය, පලාත් සභා, සංස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන රාශියක ධජ සහ සංකේත රාශියක මුල් නිර්මාණ ශිල්පියා වන්නේ ඇස්.පී.චාල්ස් මැතිතුමායි. සෞන්දර්ය හා ෙඑතිහාසික විෂයන් හී ග්‍රන්ථ රාශියක් ජාතියට දායාද කළ එතුමන් විසින් වෙනත් ග්‍රන්ථ, සඟරා […]
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍යපාද පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිවාස නාහිමියන් වහන්සේ 1953 වර්ෂයේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබු අතර 1968 දී අනුරාධපුර අටමස්ථානයේ දී උතුම් පැවිදි බවට පත්ව අනතුරුව 1975 වර්ෂයේ දි මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ උපසම්පදා ලැබුහ. මරදාන මාලිගාකන්ද විද්‍යෝදය මහා […]
අතීතය හා අනාගතය සම්බන්ධ කරන, වර්තමානයේ සුරක්ෂිත භාරකරුවා සුරකිමු ! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව නිසි වැඩ පිළිවෙලක් යටතේ යළි සකස් කරන ලෙසත්, කෞතුකාගරය අබලන් වී ඇති ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය හා කෞතුක භාණ්ඩ නිසි පරිදි සංරක්ෂණය කරන ලෙසත් කෞතුකාගරයේ කටයුතු සොයා බැලීමට පැමිණි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික […]
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක්ව ජාමියා නලීමියා ඉස්ලාමීය ආයතනයේ කළමනාකරණ කමිටුව, චීන කොටුවේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය සහ මුස්ලිම් පල්ලි සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙවර ජාතික මීලාද් උත්සවය ඔක්තොම්බර් 9 දා ජාමියා නලීමියා ඉස්ලාමීය ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා. විවිධ දේශණ සහ සිසු දරුදැරියන් ගේ විශේෂාංග වලින් […]
ත්‍රිකුණාමලය කොටුව පුරාවිද්‍යා ස්ථානයෙහි සහ කෝනේෂ්වරම් දෙවොල අසල මුහුදු ප්‍රදේශයේ පූර්ණ ගවේෂණයක් පසුව, කැණීමක් සිදු කර දිය යට පවතින පැරණි ප්‍රතිමා හා පුරාවිද්‍යාත්මක ස්මාරකයන් ගොඩබිමට ගෙන ඒමට සහ කෝනේෂ්වරම් දෙවොල වෙත පැමිණෙන බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනාමාන කිරීමට නිසි වැඩපිළිවෙලක් සැලසුම් කිරීමක් අද (11) ත්‍රිකුණාමලයේ දී සිදු කරන ලදී. ත්‍රිකුණාමලය කොටුව සහ දෙවොල පවතින භූමි […]
ලෝක මානසික සෞඛ්‍ය දිනය (2022.10.10) අදයි. ඒ වෙනුවෙන් “මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය” පිළිබද වැඩසටහනක් ජාතික මත්ද්‍රව්‍ය නිවරණ මෙහෙයුම් ඒකකයේ සම්පත් දායකත්වය යටතේ කොළඹ 02, ආරක්‍ෂක සේනා විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එම වැඩසටහනෙහි ප්‍රධාන දෙසුම විද්‍යාලීය විදුහල්පති බී.ඒ.අබේරත්න මැතිතුමන්ගේ ආරාධනයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී, කථිකාචාර්ය එන්.ආර්.අමරසිංහ මහතා […]
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රොටේ ගම්මානයේ රම්බා විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් පෞද්ගලික ඉඩම් සහ රක්ෂිත ඉඩම් කොටස්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා සමඟ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශට අයත් ජාතික උරුම අංශයේ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුි. රම්බා විහාරයේ පවතින ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් මෙහි දී මූලික […]
වසර 125 කට පෙර අපෙන් ගිලිහුණු අපේ උරුමයේ පුනරාගමනය – ත්‍රිපිටක දීපනී ජිඩිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයේ සංරක්ෂණය කිරීමේ ඓතිහාසික අවස්ථාව අපේ රටේ පමණක් නොව බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ තිබෙන පුස්කොල පොත්, හී සඳහන් ශ්‍රී සද්ධර්මය, අනාගත දරුපරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා අන්තර්ජාලයේ www.paramaththa.org වෙබ් අඩවියේ සංරක්ෂණය කිරීමේ ඓතිහාසික මොහොත පසුගිය දා උදා වුණා. මේ මගින් ඉතා […]
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් සංවිධානය කළ 2022 ජාත්‍යන්තර අමද්‍යප දින වැඩසටහන “ප්‍රජාවගේ දිරියෙන් මතින් නිදහස් රටක්” යන තේමාව මුල් කර ගනිමින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දේශන ශාලාවේ දී 2022.10.03 දින පස්වරු 2.00 සිට පැවත්විණි. එම අවස්ථාව සඳහා ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතුමහා විහාර පාර්ශවයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී […]
ශ්‍රී ලාංකේය ප්‍රෞඪ ඉතිහාසයේ යුග හතරක් නියෝජනය කෙරෙන එමෙන් ම, මෙරට පැරණිතම බිතුසිතුවම සහිත හිඳගල ඓතිහාසික රජමහ විහාරස්ථානයේ බිතුසිතුවම් විනාශ මුඛයට යා නොදී සංරක්ෂණය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් එම විහාරස්ථානය වෙත ගියහ. වසර 1800කට අධික පෞරාණික වටිනාකමකින් යුත් රජමහ විහාරස්ථානයේ පිහිටි මෙරට පැරණිම බිතුසිතුවම සහ […]
අංගම්පොර සටන් කළාවේ ආරම්භය මීට වර්ෂ33,000 කට එපිට අතීතයට දිව යන බවට නොයෙක් විද්වතුන් විවිධ මත පළ කරනු ලබයි. ඇම්බැක්කේ පැරණි සටන් කැටයම් තුළින් අංගම්පොර සටන් ක්‍රමය නිරූපණය වන බවටත් විවිධ මත පවතියි. හෙළය තුල ජීවත්වූ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර – අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සඳහා […]
පිරිවෙන් අධ්‍යාපනයෙහි ආරම්භක අවදිය මහින්දාගමනයෙන් පසුව සනිටුහන් වුණා. පරිවෙණ යන නාමයෙන් හැඳින්වූ ගොඩනැගිල්ල මුලදී භාවිත වූයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් නොවේ. දේවානම්පියතිස්ස රජු භික්ෂුන් වහන්සේ උදෙසා ගොඩනැංවූ ගොඩනැගිලි සමූහය හඳුන්වා ඇත්තේ පරිවෙණ යන නාමයෙන්. ඒ අනුව මුල් කාලයේදී පරිවෙණ හෙවත් පිරිවෙන යනු භික්ෂුන් වහන්සේලා වාසය කරන ස්ථානයයි. එවැනි ස්ථානවල භික්ෂුන් වහන්සේ සඳහා අධ්‍යාපනය ලබා දුන් බව […]
කොළඹ – මහනුවර මාර්ගයේ පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර් 04 පමණ දුරින් ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබෙනවා. විශ්මයජනක වාස්තු ලක්ෂණ වලින් සමන්විත, ගම්පොල යුගයේ ඉදිකරනු ලැබූ ලංකාතිලක විහාරයේ ඉතිහාසය ක්‍රි.ව.14 වන සියවස පමණ දක්වා දිවයනවා. ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත අලංකාර ලෙස විහාර ගොඩනැගිලි ඉදිකර ඇති අතර පිළිමගෙය ඊටම ආවේණික වූ සාම්ප්‍රදායික […]
ශ්‍රී ලාංකේය ජාතික අභිමාණය ලොව ප්‍රචලිත කරන එක් සංධිස්ථානයක් වන්නේ අපේ රටේ පෞඩ ඉතිහාසයයි. වසර දහස් ගණනින් අතීතයට දිවයන ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අප සතු පුරාවස්තූන් ආරක්ෂා කර අනාගත දරුපරපුර වෙනුවෙන් දායාද කිරීම අපි සියළු දෙනාගේම වගකීමක්. මෙම උදාරතර සංකල්පය සාක්ෂාත් කරගැනීමේ අභිලාෂයෙන්, පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ දී මෙන්ම සංරක්ෂණය කිරීම හා ගවේෂණයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුහුණ […]
නවරාත්‍රී පූජාවේදී සියලු ශාස්ත්‍රයන්ට අධිපති සරස්වති දේවියටත් සම්පතට හා යසඉසුරට අධිපති ලක්ෂ්මී දේවියටත් වීර්යයට හා භක්තියට අධිපති දුර්ගා දේවියටත් පුද පූජා පවත්වමින් නව රාත්‍රී පූජාව සියලු වත්පිළිවෙත් අනුගමනය කරමින් පවත්වනවා. පළමු දෙවන හා තුන්වන දිනයන් දුර්ගා දේවියටත් ඊළඟ දින තුන ලක්ෂ්මී දේවියටත්, අවසන් දින තුන සරස්වති දේවියටත් වෙන්කොට දින නමයක් පුරා පූජා පවත්වනවා. නවරාත්‍රි පූජාව […]
කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරන ලද, සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ(කෑගල්ල-රත්නපුර) විරාජ් නිරංජන් බාලසූරිය මහතා විසින් සංස්කරණය කරන ලද කාන්තා වීරත්වය සහ වර්තමානය කෘතියත්, සුනිල් පී කුලරත්න මහතා විසින් රචිත සිතුවම් හා ප්‍රතිමා නිර්මාණ ශාස්ත්‍ර විධි ග්‍රන්ථයත් අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් වෙත පිළිගැන්වීම පසුගියදා (27) නුවර හිඳගල රජමහා විහාරස්ථානයේ දී […]
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා පළමු වරට පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙණට පැමිණීම සිහිකිරීම පිණිස පී.එම්.සේනාරත්න මහතා විසින් රචිත “කැලණි පුරාවත හා කිරිබත්ගොඩ රෝහල පවත’’ ග්‍රන්ථය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත නීතිවේදී මහින්දගේ ලැනරෝල් මහතා විසින් 2022.09.20 වැනි දින පෑලියගොඩ, විද්‍යාලංකාර පිරිවෙණේදි පිරිනමන ලදි.
1864 සැප්තැම්බර් 17 දින දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව අනගාරික ධර්මපාල නමින් අපේ රටේ නිදහස් සටනේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ එතුමන් සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි ව බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු ලෝකය පුරා මෙහෙයවමින් අපේ රට වෙනුවෙන් මෙන්ම මුළු මහත් ලෝකයේම හිත සුව පිණිස අනුපමේය සේවයක් ඉටුකරනු ලැබුවා. එතුමන් අපේ රට වෙනුවෙන් කළ අනුපමේය […]
ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අට වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී අද (15) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. උසස් ඩිප්ලෝමා සහතික ලැබු තිස්හත්දනකු අතරින් පස්දෙනෙකු වෙත සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර, නීතීඥ ජෝන් ද සිල්වා, නීතීඥ චාල්ස් ඩයස් , මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන ශිෂ්‍යත්වයන්ට හිමි පදක්කම් ද […]
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මහතා සමඟ සාකච්චාවක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා, අමාත්‍යංශ ලේකම්තුමා සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා සමග අද දින (2022.09.12) බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. දීර්ඝ කාලීනව දෙරට අතර පවතන සුහදත්වයත් දශක ගණනාවක් පුරා සංචාරක කටයුතු වෙනුවෙන් ලබා දෙන දායකත්වයත් වෙනුවෙන් අමාත්‍යතුමා තම […]
අපේ රටේ පහතරට නර්තන කලාව ලොව පතල කිරීමෙහිලා පූරෝගාමී සේවාවක් ඉටු කල හඳපාන්ගොඩ එන්.එන්. සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පියාණන් අපේ රටේ නර්තන කලාව වෙනුවෙන් සිදුකල සේවය අගය කරමින් එතුමන් වෙනුවෙන් අනුස්මරණ කලාගාරය සහ සංස්කෘතික කෞතුකාගාරය විවෘත කිරීම පසුගිය දා සිදු කරනු ලැබුවා. 1936 වර්ෂයේ උපත ලැබූ සේදරමන් ප්‍රනාන්දු කලා ශිල්පියාණන් 1961 වර්ෂයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය […]
“සොඳුරු වූ ලෝකයක් තවමත් අපට උරුම වී ඇත්නම් ඒ ඔවුන් නිසාවෙනි !“ ලෝක ආදිවාසී දින සැමරුම – දඹාන ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවයට සමගාමීව සැමරුම් වැඩසටහනක් දඹාන, කොටබකිණිය ගම්මානයේ දී ආදිවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි. “සාම්ප්‍රදායික දැනුම සංරක්‍ෂණය හා සම්ප්‍රේෂණය කිරීමේදී ආදිවාසී කන්තාවන්ගේ කාර්යභාරය” යන්න මේවර ලෝක ආදිවාසී දින […]
මෙරට 132වැනි ජාතික පුරාවිද්‍යා දිනය යෙදෙන ජුලි (07) අද දිනය නිමිත්තෙන් ජාතික පුරාවිද්‍යා සමුළුවේ සමාරම්ක උත්සවය කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි . වර්ෂ 1890 ජූලි 07 දින මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා අනුරාධපුරයේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කිරීමේ දිනය අනුස්මරණය කිරීම සඳහා සෑම වසරකම ජූලි […]