බුද්ධ ශාසන අරමුදලේ සාමාජිකයෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී හමුවූහ…

මාර්තු 28th, 2023

අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් සහ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන අරමුදලේ සාමාජිකයෝ 2023.03.24 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වුහ.

මෙහිදී බුද්ධ ශාසන අරමුදලේ වත්මන් තත්වය, පසුවිපරම හා ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කල අතර විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් ද ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශකරනු කරන ලදී. අරමුදලේ වත්මන් තත්වය සහ එහි ප්‍රගතිය සම්බන්දයෙන් සියළු දෙනාගේ අවධානය යොමු වුි. බුද්ධ ශාසනය, භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථාන ඇතුළු බෞද්ධ සිද්ධස්ථානයන්හි උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබුණි.

ගරුතර මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය ලේකම්තුමන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු අමාත්‍යංශ ප්‍රධානීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වුහ.