මත්තෙගොඩ සිරි සුමග දහම් පාසල් කලා උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2023

මැයි 3rd, 2023

වාර්ෂිකව පවත්වනු ලබන මත්තෙගොඩ සිරි සුමග දහම් පාසලේ කලා උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය (30) දා එම දහම් පාසල් පරිශ්‍රයේ දී පැවැත්වුණා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් උත්සවය සංවිධානය කෙරුණු අතර උන්වහන්සේ ත්‍යාග සඳහා ද අනුග්‍රහකත්වය ලබා දී තිබුණා. පූජ්‍ය බෙල්ලන්විල රජ මහා විහාරස්ථානාධිපතීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය ද මෙම අවස්ථාව සඳහා වැඩමකොට වදාලා.

අපේ රටේ දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීමේ උදාරතර පරමාර්ථයත් බෞද්ධ සංස්කෘතික උරුමයන් දරුවන් වෙත දායාද කිරීමේ සංකල්පයත් පෙර දැරිව සංවිධානය කරනු ලබන මෙවන් වූ වැඩසටහන් වෙනුවෙන්, අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් සිය දායකත්වය ලබා දෙනු ලබනවා. අමාත්‍යවරයා සමඟ අමාත්‍යංශ ලේකම්තුමන්, බුද්ධ ශාසන දෙපාර්තමේන්තු කොමසාරිස්තුමන් ඇතුළු නිලධාරීන් ද මේ සඳහා සහභාගී වී සිටියා.

චීන නියෝජිත පිරිසක් මෙන්ම ප්‍රංශ හිටපු තානාපතිනිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම තවත් සම්භාවනීය අමුත්තන් බොහෝ දෙනෙක් මේ සඳහා සහභාගී වී සිටියා. දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, දහම් පාසල් දරු දැරියන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශ වාසීන් ද මේ සඳහා එක් වී සිටියා.